(VIDEO):NPP සහ කාදිනල් හිමි අතර හමුවක් – කාදිනල් හිමි ඉදිරිපිටදීම NPP යෙන් ප්‍රතිඥාවක්!

Date:

කොළඹ LNW:එළඹෙන 21 වැනිදාට පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී වසර පහක් ගතව ගියද එහි සැබෑ මහ මොළකරුවන් රටට හෙළිදරව් කිරීමට තවමත් අපොහොසත් වී තිබෙන පසුබිමක ඊට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් යුක්තිය ඉටු කරන බවට අද (18) ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ මුණ ගැසී ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී එම ප්‍රහාරයට සෘජුව මෙන්ම වක්‍රවද සම්බන්ධ වූ සියලු දෙනාට අපරාධ චෝදනා ගොණු කර නීතියේ රැහැනට ගෙන එන බවටයි ඔවුන් සහතික වී ඇත්තේ.

එමෙන්ම මෙතෙක් ඒ සම්බන්ධයෙන් අනාවරණය නොවුණු කරුණු පිළිබඳ හෙළිදරව් කරගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ද ආරම්භ කිරීමට ජාතික ජන බලවේගය යෝජනා කර තිබේ.

මෙම හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම,නීතිඥ සුනිල් වටගල, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රොහාන් ප්‍රනාන්දු, අරුණ ශාන්ත නෝනිස් යන අය සහභාගි විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...