*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

ටයිම්ස් සඟරාවේ 2024 වසර සඳහා වන බලවත්ම 100 දෙනා අතරට ලංකාවේ රොසෑනාත් එක්වෙයි!

සංස්කාරක (LGBTIQ)

අප්‍රේල් 18, කොළඹ (LNW): ‍ටයිම්ස් සඟරාවේ 2024 සඳහා වන බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට, ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කරන ක්‍රියාකාරිනියක වන රොසෑනා ෆ්ලේමර්-කල්දේරා මහත්මිය ද ඇතුළත්ව ඇති බව වාර්තා වේ.

දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් ඒ මහත්මිය කළ කැපකිරීම අගයමින් මෙසේ ටයිම්ස් සඟරාවේ 2024 වසර සඳහා වන බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ඇගේ නම ඇතුළත් කර ඇති බව සඳහන්.

ජාත්‍යන්තර වශයෙන් රොසෑනා මහත්මියගේ මානව හිමිකම් අධිවාචන සේවය හඳුනා ගැනීම ශ්‍රී ලංකාවට පමණක් නොව, ලොව පුරා වෙසෙන සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, ප්‍රශ්නභාවී ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති කාන්තාවන්ගේ ජයග්‍රහණයක් බව සඳහන්කළ යුතුය.

මීට වසර දෙකකට ඉහත, එනම් 2022 වර්ෂයේ මාර්තු මස එක්සත් ජාතීන් හමුවේ යොමුකළ පැමිණිල්ලක තීන්දුව ප්‍රකාශයට පත්කරමින්, වැඩිහිටි විවිධ ලිංගික අනන්‍යතා ඇති කාන්තාවන් අතර ස්ව-කැමැත්තෙන් සිදුවන සබඳතා ශ්‍රී ලංකාව තුළ තහනමට ලක්කර තිබීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට එක්සත් ජාතීන් විසින් අවධාරණයකළ අතර, මෙම තීන්දුවට පාදක වූ පැමිණිල්ල ගොනුකර තිබුණේ රොසෑනා ෆ්ලේමර්-කල්දේරා මහත්මිය විසිනි.

එක්සත් ජාතීන් විසින් නිකුත්කළ මෙම තීන්දුවට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිව්වන වරටත් (මීට ඉහත 2014, 2017, සහ 2019) අවධාරණය කර සිටියේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය යටතේ සුරක්ෂිතව පවතින බවත්, ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනයවන නීති පවතී නම් ඒවා ව්‍යවස්ථා විරෝධී බවත් ය. 

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ තීන්දුවට රජය පාර්ශවයෙන් යොමුකළ ප්‍රතිචාරය ශ්‍රී ලංකාව තුළ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාතික සංවාදය තීව්‍ර කිරීමට තරම් බලවත් ප්‍රතිචාරයක් නොවූ අතර, මෙය ජාතික සංවාදයක් දක්වා ශක්තිමත් කිරීමට අවශ්‍ය මාධ්‍ය ආවරණය පැමිණීම සිදුවන්නේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේම්නාත් දොළවත්ත විසින් යොමුකළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සමඟ ය.

වැඩිහිටි පුද්ගලයන් අතර ස්ව-කැමැත්තෙන් සිදුවන සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති සංශෝධනය කිරීම දොළවත්ත මන්ත්‍රීවරයායේ යෝජනාවේ අරමුණ විය.

මෙම යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්වූ අතර, එසේ අභියෝගයට ලක්කර තිබෙන පෙත්සම්කරුවන් දොළවත්ත මන්ත්‍රීවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයට හිතවත් දේශපාලන ක්‍රියාකරුවන් වීම ද විශේෂත්වයකි.

කෙසේවෙතත්, මෙම යෝජනාව අභියෝගයට ලක්කරමින් ඉදිරිපත්කළ තර්ක බැහැරකළ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ නිගමනයක් ප්‍රකාශයට පත්කරමින් අවධාරණය කර සිටියේ, වැඩිහිටි පුද්ගලයන් අතර ස්ව-කැමැත්තෙන් සිදුවන සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන බවත්, ඒ අනුව, වැඩිහිටි පුද්ගලයන් අතර ස්ව-කැමැත්තෙන් සිදුවන සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා දොළවත්ත මන්ත්‍රීවරයා විසින් යොමුකළ යෝජනාව පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් මඟින් සම්මත කොට නීතියක් බවට පත්කළ හැකි බවත් ය.

දොළවත්ත මන්ත්‍රීවරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්වූ අවස්ථාවේ එම පනත් කෙටුම්පතට සහාය පළකරමින් අතුරු පෙත්සම් ඉදිරිපත්කළ පාර්ශවයන් අතර රොසෑනා මහත්මියගේ ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය ද සිටියි.

ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය බිහිවීම සිදුවන්නේ 2004 වර්ෂයේ වූව ද, රොසෑනා මහත්මිය ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම ආරම්භ වන්නේ ඊට ද පෙර වකවානුවක පටන් ය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ, දැනට සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික, ප්‍රශ්නභාවී ආදී විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රතිපත්තිමය වශයෙන් ලිඛිතව පිළිගන්නා එකම පක්ෂය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වන අතර, ලේඛනගතව ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඔස්සේ සඳහන් කර නොමැති වූව ද එම ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිගන්නා බවට සමඟි ජන බලවේගය ද මේ පිළිබඳව සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කර තිබේ.

සබැඳි පුවත්‍:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan