*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

අර්බුදය විසඳීමට අපි කටයුතු කරනවා.දේශපාලන කුමන්ත්‍රණ ගැන අවබෝධයෙන් ඉන්න – අගමැති කියයි

රටේ උද්ගතව ඇති අර්බුදය විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවත්,ජනතාව යොදා ගනිමින් වෙනත් සංවිධාන කරගෙන යනු ලබන දේශපාලන කුමන්ත්‍රණ ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ, අද (18) අරලියගහ මන්දිරයේදී පැවති අගමැතිවරයා හා ජ්‍යෙෂ්ඨ නීතිඥවරු කණ්ඩායමක් අතර පැවති සාකච්ජාවේදීය.

මේ වන විට රටේ උද්ගතව ඇති ගැටලු නිරාකරණය කිරීම සහ රජයට විරුද්ධව පවත්වන අරගල හේතුවෙන් රටට සිදුවන අගතිය පිළිබඳව එහිදී සාකච්ජා කර ඇත.

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඉවත් කිරීම විරෝධතාකරුවන් පවසන පරිදි සිදු කළ නොහැකි අතර ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිලි අවබෝධයකින් තොරව,වර්තමානයේ ජනතාව මුහුණ දෙන ගැටලු මුල් කර ගනිමින් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් මෙම අරගල මෙහෙයවන බව පෙනෙනන්ට ඇති බව එම නීතීඥවරු පෙන්වාදී තිබේ.

88-89 කාලයේ පැවැති අරගලවලදී ද එවකට රටේ නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ඝාතනය කළ යුතු බවට ගෙන ගිය විරෝධය අවසාන වූයේ රටට විශාල විනාශයක් සිදු කරමින් බවත් අතීතය සහ පවතින නීති පිළිබඳ අවබෝධයකින් තොරව මේ වන විට තරුණ තරුණියන් යොදා ගනිමින් ජනාධිපතිවරයාට,අග්‍රාමාත්‍යවරයාට සහ රජයට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන අරගලය, රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින්නේ නැවතත් රට ව්‍යසනයකට ගෙන යෑමට විය හැකි බව ද ඔවුන් පවසා ඇති බව සඳහන්.

වර්තමාන අරගලවලට පහසුකම් සඳහා සාමාන්‍ය ජනතාව මුදල් ලබා දෙන බවක් නොපෙනෙන අතර, කිසියම් සංවිධානයක් විසින් සැලසුම්සහගතව මේ සඳහා මුදල් වියදම් කරමින් රට අරාජික කිරීමට කටයුතු කරමින් සිටින බවට සැක මතුවී ඇති බවත් නීතීඥවරු මෙහි දී පෙන්වා දී තිබේ.

මෙරට ජනමාධ්‍ය ද දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව රට අරාජික කිරීමේ අරගලයට විවිධ අයුරින් සහයෝගය ලබා දීම නොකළ යුතු බවත් මෙවැනි අවස්ථාවක ජනමාධ්‍ය වගකීම් සහිතව කටයුතු කළ යුතුව ඇති බවත් එකී නීතීඥවරු පැහැදිලි කර ඇති බවයි දැක්වෙන්නේ.

මහජන නියෝජිතයින්ගේ වත්කම් විගණනය කිරීම කාලීන වන අතර එය රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ආරම්භ කළ යුතු බවත්, මහජන නියෝජිතයින් කලින් කලට වෙනස් වුව ද රාජ්‍ය නිලධාරීන් මාරු නොවීම සහ රාජ්‍ය ආයතනවලත් නිලධාරීන්ගෙත් දූෂණ සහ වංචා අද දේශපාලඥයින් මත පැට වී ඇති බවත් නීතීඥවරුන් කියා ඇත.

සංවිධානාත්මක කල්ලි ජනතාව උපයෝගී කර ගනිමින් රජය අපහසුතාවට පත් කිරීමටත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් කර ඔවුන්ගේ පටු අරමුණු ඉෂ්ට කරගැනීමට කටයුතු කරමින් සිටින බවත්, එබැවින් මෙම අර්බුදය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ජනතා අවශ්‍යතා ඉටු කර දෙමින්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් නීතීඥවරුන් එම සාකච්ජාවේදී අවධාරණය කර තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan