රටින් ඩොලර වෙනුවට ඖෂධ

Date:

විදෙස්ගතව සිටින ලාංකිකයන් පවතින රජය යටතේ මෙරටට මුදල් ඒවීමට වඩා ද්‍රව්‍යමය වශයෙන් ජනතාව වැටී ඇති අසරණ තත්ත්වයට උපකාර කිරීමට තීරණය කර ඇති අතර ඒ් අනුව මේ වන විට දරුවන් ප්‍රමුඛ කර ගනිමින් ඖෂධ නිසා තර්ජනයකට ලක්ව ඇති මිනිස් ජිවිත බේරා ගැනීමට ශ්‍රී ලංකාවට ඖෂධ ලබා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වේ.විශේශයෙන්ම විදෙස්ගත වෛද්‍යවරුන්,වෛද්‍ය සේවයට සම්බන්ධ වෙනත් වෘත්තිකයන් මෙන්ම විවිධ වෘත්තිකයන් විදේශයන්හී සිට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ඇති අතර එහි පළමු භාණ්ඩ රැගත් නෞකාව පසුගිය දිනෙක ශ්‍රී ලංකාවට ළඟා වී ඇති බවද වාර්තා වේ.

පවතින රජයට එල්ල වී ඇති ජනතා විරෝධය ගැන සංවේදී මෙම විදෙස්ගත ලාංකිකයන් ශ්‍රී ලංකාවේ තිබෙන සමාජ සංවිධාන සහ විශේෂඥ වෛද්‍යවරු හරහා මෙම ඖෂධ තොග සෘජුව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කිරීමට කටයුතු සැළසුම් කර තිබෙන බව වාර්තා වෙන අතර පවතින රජය වෙනස් වී නව දේශපාලන සංස්කෘතියක් මේ පොළවේ නිර්මාණය වන්නේනම් මේ බොහෝ දෙනෙක් නැවත සිය මව් රටට පැමිණ රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට කැපවීමෙන් ක්‍රියා කරන්නට සූදානමින් සිටින බව ද වාර්තා වේ.විශේෂයෙන්ම පවතින රටාව ඇතුළේ දේශපාලකයන්ගේ බුද්ධිමත්භාවය,උගත්කම සහ අවිචාරවත් හැසිරීමත් වංක බවත් ප්‍රශ්නයක්ව පවතින අතර අද පත් කළ කැබිනට් මණ්ඩලයෙන් ද ඊට විසදුමක් ලැබෙන වවක් පෙනෙන්නට නැති බව ඔවුන් බොහෝ දෙනෙක්ගේ අදහස බව ද එම වාර්තා පෙන්වා දෙයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...