රජයේ සේවක වැටුප් වැඩිවීම ගැන ජය ගී ඇසීමි, දුටිමි.
වැටුප් වැඩිවීම හොඳය, විශේෂයෙන්ම මූලික වැටුප වැඩිවීම හොඳය.
එහෙත් අප විග්‍රහ කරගත යුත්තේ වැඩිවීම සිදුව ඇති ආකාරයය.
නිකමට ඉහළම තලයේ ඇත්තන් හට වැටුප් වැඩිව ඇති ආකාරය සහ පහළ තලයන්ට වැටුප් වැඩිව ඇති ආකාරය බලනු යෙහෙකි. ඉහළම සමහරෙකුට වැඩිවීම 99% ආසන්න වෙද්දී පහළට කෙසේදැයි සොයනු වටී. මට වැටහෙන ආකාරයට සේවා මට්ටම් අතර වැටුප් පරතරය බෙහෙවින් ඉහළ ගොසිනි.
යළි මෙය ආපසු ගැනීමට නොහැකිය.
අසීරුවෙන්ම ඉන්නා එකාට වැඩිවීම අඩුය. සීරුවෙන් ඉන්නා එකාගේ වැඩිවීම ඉහළය.
වැටුප් ගැන තීරණය ගන්නේ ලොක්කන් ය. හැන්ද ඇත්තේද උන් අතය. වෘත්තීය සමිති කියා දෙයක් තව දුරටත් නැත. මාලිමාවට සහය දෙන වෘත්තීය සමිති හරිනම් මේ වැටුප් සූත්‍ර ගැන අන් අයටත් වඩා උනන්දු විය යුතු ය.
ආණ්ඩුව ප්‍රහර්ෂයෙන් වැටුප ගැන කීවේය. සේවකයෝද සතුට පල කරති.
දැන් කල යුතුව ඇත්තේ ගණන් සාස්තරය දන්නා පිරිසක් එකතුව මේ වැටුප් වැඩිවීම නිල මට්ටම් එකිනෙකට බලපෑ ආකාරය විශ්ලේෂණය කිරීමය. එවිට එක් නිලධර මට්ටමකට හර්කියුලිස් හමුව ඇති බවත් පහළ මට්ටම් වලට පොල් කෙඳි හමුව ඇති බවත් පෙනෙනු ඇත. සෑම මට්ටමකටම එක් ගණනකින් මේ අවස්ථාවේ වැටුප් වැඩි කලේ නම් මෙවර ඇතිව තිබෙනා විශාල පරතරය ඇති නොවනු ඇත.
ආණ්ඩුවේ අරමුණ යහපත් බව ඇත්තය. එහෙත් හැන්ද වැඩ කරන ආකාරය අවබෝධ කර ගැනීමට තියුණු නිරීක්ෂණයක් අවශ්‍ය වේ.
මේ මට පෙනෙන හැටි ය. දැනුමැත්තෝ විග්‍රහ කරත්වා, මා වැරදිනම් නිවැරදි කරත්වා.
අවසනට කියමි, දැක්මක් නැති වැඩවසම්වාදී නිලධර තන්ත්‍රයක් සහ කොන්දක් නැති සේවක තන්ත්‍රයකට රටක් වෙනස් කල නොහැකිය.
~ චූලානන්ද සමරනායක
