ඇමරිකාව විසින් එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාර හේතුවෙන් යේමනයේ 38 දෙනෙකු මරුට :102කට තුවාල

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(17)දිනයේදී යේමනයේ රාස් ඊසා තෙල් වරායට එක්සත් ජනපදය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් 102දෙනෙකු තුවාල ලබා ඇති බව වර්තා වේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් හවුති මාධ්‍ය සඳහන් කර තිබුණේ, මෙම ප්‍රහාරය එක්සත් ජනපද හමුදා විසින් රටට එල්ල කරන ලද මාරාන්තිකම ප්‍රහාරවලින් එකක් වන බවයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරි සඳහන් කර තිබුණේ, ගුවන් ප්‍රහාර හරහා සෙසු රටවැසියන් සූරාකෑම සහ ඔවුන්ට මහත් වේදනාවක් ගෙන දෙන හවුතිවරුන්ගේ ආර්ථික බල මූලාශ්‍රය පහත හෙලීම අපේක්ෂා කළ බවයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අනුව, රාස් ඊසා යේමනයේ තීරණාත්මක හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි යටිතල පහසුකම් වන තෙල් නල මාර්ගයක් සහ වරායක් පවත්වාගෙන යන අතර, යේමනයේ ආනයනවලින් සියයට 70 ක් පමණ සහ එහි මානුෂීය ආධාරවලින් සියයට 80 ක් රාස් ඊසා, හොඩෙයිඩා සහ අස්-සාලිෆ් වරායන් හරහා ගමන් කරයි.

ජනවාරි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු මැද පෙරදිග සිදු කළ විශාලතම මිලිටරි මෙහෙයුම මෙය වන අතර රතු මුහුදේ නැව් ගමනාගමනයට එල්ල කරන ප්‍රහාර සන්නද්ධ ව්‍යාපාරය නතර කරන තුරු ප්‍රහාර දිගටම පවතින බවට වොෂින්ටනය හවුතිවරුන්ට අනතුරු අඟවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...

ශිරන්තිගේ සහෝදරයා රිමාන්ඩ් !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත්...