නිශ්මං රණසිංහ අප්‍රේල් 18 කොළඹ LNW :
සවුදි අරාබියාවේ පැවත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතව තිබූ පදක්කම් දෙකක් සහභාගි වූ කණ්ඩායම් නිලධාරීන්ගේ නොසැළකිල්ලෙන් අහිමි වීම ගැන ක්‍රීඩා අමාත්‍යංශයද පරීක්ෂණයක් පැවත්වීමට නියමිත බව වාර්තා වේ.එසේම මලල ක්‍රීඩා ප්‍රවීනයෙක් පැවසුවේ නවක පුහුණුකරුවන්ට අවස්ථාව නොදෙන බව කියමින් නිතර වාර්තා කළ අප වැනි මාධ්‍යයද,මේ පුහුණුකරුවන් තේරීම් සඳහා යම් පෙළඹීමක් කර ඇති බව පිළිගත යුතු බවය.
එම බලපෑම කිරීමට හැකි විම ගැන සතුටුය.හෙට ද අප ඒ මතයේම සිටිමු.එසේම එවැනි අපද වගකිව යුතු තේරීම්නම් අප එම තෝරා ගත් අයෙකු අතින් රටේ ක්‍රීඩාවට වරදක් වී ඇත්නම් එම වරදට දඬුවමක් දිය යුතු බවද කියන්නෙමු.අසාධාරණයට ලක් වූ ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් යම් ජ්‍යෙෂ්ඨ සහ පළපුරුදු පුහුණුකරුවන්න ලෙස බලධාරීත්වය පිළිගන්නේනම් ඔවුන්ටද එම ප්‍රවීනත්වයට ළඟාවෙන්ට මේ අයුරින්ම සටන් කළ ඉතිහාසයක් ද අපට ඇති බව ද කියන්නෙමු.ඔවුන් වගකීම් ඉටු කරමින් පැවරෙන වගකීමෙන් යහපත් ප්‍රතිපල ලංකාවට ළඟා කර දෙමින් ප්‍රවීනත්වයට පැමිණ ඇත්නම්,ඒ ගමන් මඟේද අප සිටියෙමු.ඒ නිසා වැරදි කළ අයට අවශ්‍යය ක්‍රියාමාර්ග ගනිමින් යම් ආකාරයකින් නිවැරදිව සිය වගකීම ඉටු කළ අයට තව දුරටත් ඇගයීම් ලබා දිය යුතුවද ඇති බව අපි පවසන්නෙමු.
අප ක්‍රීඩිකාවන්ට කියන්නේ මේ සිඳුවීම සියල්ල එපා කරවන සුළු සිඳුවීමක් බව අප ද පිළිගන්නා බවය.එහෙත් මෙවැනි සිඳුවිම්වලින් වැටුණු තැන්වල යළි නැඟිටින්නට හැකි වූ අය ඔබ අසළම සිටින බවද අපි සිහිපත් කරන්නෙමු.එම නැගිටීමට යම් සම්මාදමක් විමට හැකි වූ බව සමහර විට සලල ක්‍රීඩා නිලධාරීන් නොදන්නවාද විය හැකිය.පසුව ප්‍රතික්ෂේප කිරීම් පිළිනොගෙන බැරි තැනට පැමිණ රටේම ගෞරවය සහ විශ්වාසය බවට පත් ව එවැනි ක්‍රීඩිකාවන් ඔලිම්පික් කරා ද ගිය බව එම පුහුණුකරුවන්ට කළකිරුණු ක්‍රීඩිකාවන්ට කියා දිය හැකිය.සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ඇත්තම තත්ත්වය කියන්නේනම් එය ද එම ක්‍රීඩිකාවන්ට අනාගතයට සූදානම් විමට වැදගත් පියවරක් වනු ඇත.
බොඳවන එක සිහිනයකින් මුළු ජීවිතයම නවත්වා ගත යුතු නැත.ලංකාවේ මලල ක්‍රීඩාවේ පැවත්ම තියෙන්නේ ජවය,ශක්තිය සහ වේගය මතම පමණක් නොව ඒ සියල්ල ඉක්මවා දරා ගැනීමට සිය මනස හුරු කර ගත හැකි ප්‍රමාණයේ තරමටය.කළකිරීම සහ පසුතැවීම මත තමන් ගිය දුර නිමා කරන්නට ආසන්නයේ සිටින අය ද අතෘප්තියෙන් කරන කතා බහ මේ ක්‍රීඩිකාවන්ට ඇසී තිබෙනවා සැක නැත.එහෙත් ඔවුන්ගේ භෞතික ජීවිතය මේ මොහොතේ තිබෙන සාර්ථකත්වය පිටුපස ඇත්තේ ක්‍රීඩාවය.එය නොවිණිනම් දැන් තත්ත්වයද නොවනු ඇති යන යථාර්ථය අවස්ථාව අහිමි වූ ක්‍රීඩිකාවන් දෙදෙනා සිටිය යුතුය.
සුසන්තිකා ජයසිංහ පළමු තමන්ගේ පළමු දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ තෙවැන්නිය ය.එහි පළමුවැන්නිය වූයේ දර්ශා ය.අවසානයේ එදා තෙවැන්නිය වූ මීටර් 200 ඉසව්වෙන්ම ඇය ඔලිම්පික් සහ ලෝක සූරතා රිදී පදක්කම් දිනා ගත්තාය.
ඔඉව අසාධාරණය වූ තැන දැන් නිවැරදි කරන්නට ක්‍රමයක් නැත.එහෙත් ඒ වරද තව කිසිවෙකු අතින් සිඳු නොවන්නට වගකිව යුතු අයට දඬුවමක් අවශ්‍යය කරන්නේය.සිඳුවීම පිළිබඳ විස්තරයක්ද අවශ්‍යය කරන්නේය.ඒ සඳහා වන සමාජ වගකීම මලල ක්‍රීඩාවට සම්බන්ධ සියල්ල විසින් සිඳු කිරීමට බැඳී සිටිය යුතුය.මාධ්‍යයද ඒවා නිසි ලෙස වාර්තා කළ යුතුය.මන්ද බොහෝ මාධ්‍ය ක්‍රීඩාවේ අලුත් පරම්පරාවන් ගැන පමණක් නොව පුහුණුවේ අලුත් පරම්පරාවන් ගැන ද ඔවුන්ට නොලැබෙන අවස්ථා ද ලියූ නිසා මේ පත්කිරීම් සඳහා අවධානය යොමු වූ බව කියා,වරදෙන් කොටසක් මාධ්‍යවල වචනවලටද අකුරුවලටද බැර වෙමින් තිබෙන නිසා,අප එම අවස්ථාව නොදීමේ වරද සේ ම අවස්ථාවන් නිවැරදිව කළමණාකරණය කර භාවිතයට නොගන්නා වගකීමෙන් තොර අය අතින් වන වැරදිවලට දඬුවම් හිමිවීම වෙනුවෙන් ද පෙනී සිටිය යුතුව ඇත.
අවසානයේ නිදුකිට සහ අයේෂාට කිව යුතුව ඇත්තේ ඔබට සිඳු වූ වරද අපි සුළු ලෙස නොසළකන බවය. එය කිව නොහැකි තරමේ විශාල වරදක්ය.එහෙත් ඔබට හෙට මීට වඩා විශාල දේ කිරීමට හැකියාව ලැබෙනු නිසැකය.ඒ වෙනුවෙන් කැපවෙන්න.ඔබ වෙනුවෙන් රටේ බොහෝ දෙනෙක්ගේ තෙත් වූ නෙත් පිසලා,රටටම සිනාසෙන්නට හැකි මොහොතක් උදා කළ හැකි බව සිතන්න.ඒ වෙනුවෙන් වෙහෙසෙන්න,කැපවෙන්න.එකම දේ නැවත සිඳු නොවනු ඇත.මේ දේ වුණේ රටක් නොව ලෝකයක් වටින ක්‍රීඩිකාවන්ට බවත් එයින් නොසැලී නැඟී සිටීමට ශක්තිය හා දිරිය ඇති බවත් පෙන්වන්න.
අපි ඔබ සමඟ සිටින්නෙමු.
