ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW:

ඩුබායි හි පැවැති 2026 ලෝක රාජ්‍ය සමුළුව (World Government Summit) අතර තුර ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා අමාත්‍ය ආචාර්ය අහමඩ් බෙල්හුල් අල් ෆලාසි (H.E. Dr. Ahmad Belhoul Al Falasi) ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් එක්ව තිබෙනවා.

එරට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ගානෙම් මුබාරක් අල් හජේරි, සහකාර ලේකම් ෂීක් සුහයිල් බින් බුට්ටි අල් මක්ටූම්, පරිපලන සේවා විශේෂඥ සහ සම්බන්ධීකරණ නිලධාරී සයීඩ් බෙඩූර් අල් ෆලාසි මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය අරුෂා කුරේ, ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මෙන්ම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරුන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින් පිරිසක් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූහ.

එහිදී දෙරට අතර ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා ප්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි ඔව්හූ අවධානය යොමු කළහ.

ක්‍රීඩා පරිපාලනය පිළිබඳ දෙරට අතර අදහස් හුවමාරු කරගත් අතර,ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන සහ පුහුණු මධ්‍යස්ථාන ජාත්‍යන්තර මට්ටමට දියුණු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණි. තවද සාකච්ඡා කළ අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධ අවබෝධතා ගිවිසුමක් අත්සන් කීරීමට ද දෙරට එකග විය.

ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සංවිධානය කරමින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, දෙරටේ ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩසටහන් ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර,ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය ගෝලීය මට්ටමට ඔසවා තැබීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහයෝගීතාවය ලබා දීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙහිදී සුභවාදී ප්‍රතිචාරයක් දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...