(BREAKING) තවත් රත්තරන් තරුෂි කෙනෙක්

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 18 කොළඹ LNW :

සවුදි අරාබියාවේ පැවත්වෙන 6 වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් වූ පළමු රන් පදක්කම තරුශි අභිශේකා නමින් සටහන් විය.ඇය මීටර් 800 ඉසව්ව වෘත්තීමය ධාවනයක යෙදෙමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දුන්නාය.තරගය මැනවින් පාලනය කරමින් අවසාන මීටර් 80 දී සිය ජයග්‍රාහී වේගය ඉසව්වට එක් කළ තරුෂි අභිෂේකා සිය ජාත්‍යන්තර පිටියේ රන් සටහන අහම්බයක් නොවන බව යළිත් සහතික කළාය.


තරුෂි,තරුෂි කරුණාරත්න මෙන්ම ආසියානු මට්ටමේ යොවුන් ඉසව් හරහා සිය හැකියාව රන් මෙන් වටිනා බව ක්‍රීඩා නිලධාරීන්ට සිහිපත් කරන පළමු අවස්ථාව මෙය නොවේය.ඇය මීට පෙරද යොවුන් ධාවන පථයේ ආසියාතික මට්ටමෙන් සිය ජයග්‍රාහී ස්ථාවරය සනාථ කළ ක්‍රීඩිකාවක්ය.
තරුශි සම්බන්ධයෙන් මේ වන විටත් විශාල බරකට උර දෙන ස්කොට් කැම්පස් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය කරගෙන යනු ලබන සත්කාරය අතිමහත්ය.එවැනි ආයතන සම්බන්ධයෙන් දරන ජාතික වගකීමට කෘතවේදි වන්නේ සහ ඇගයීමක් දෙන්නේ කෙසේද යන්න රජය අලුතෙන් සිතිය යුතු පාඩමක්ය.
මීටර් 800 පිරිමි ඉසව්වේ දී තරුෂි ගැන මෙන්ම ශ්‍රී ලංකාව සවිඳු අවිශ්ක ගැන ද ඒ ආකාරයෙන්ම බලාපොරොත්තු තබා තිබිණ.එහෙත් අවිශ්ක හරහා තමන්ගේ අරමුණට සමීප වීමට ප්‍රථම සහ දෙවන ස්ථාන දිනූ ක්‍රීඩකයින් චීන සහ කුවේට් ක්‍රීඩකයින් සමත් විය.


තරුශි තරමටම අවිශ්කද දක්ෂයෙකි.එහෙත් තරුශිගේ රත්තරන් අතර පරතරය වූයේ තරගකාරී ජාත්‍යන්තර අත්දැකීම් ප්‍රමාණයය.අවිශ්ක ඒ බරියරය බිඳ දමන ආකාරය ගාන අවබෝධය ලැබුණ පසුව ඔහුද රන් ඉලක්කවලට ළඟා විය හැකි බව මෙම ලෝකඩ පදක්කම හරහා පැහැදිළි කළේය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිෂෙල්ගේ ඇඟ හිරිවැටෙන වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේම අවධානය...

යෝෂිත සහ ඩේසි ආච්චිගේ නඩුව විභාගයට දින නියම වෙයි!

කොළඹ LNW:මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී...

2026 අයවැය:අවසන් වාර්තාව ජනාධිපතිගේ නිරීක්ෂණයට!

කොළඹ LNW:2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර...

දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය වෙනස් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : අද (06) දිනයේ...