සිව් දරු උපතක්

0
217

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කුරුණෑගල අටමුණේ ප්‍රදේශයේ පදිංචි මවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී දරුවන් සිව්දෙනෙකු ප්‍රසූත බිහිකර තිබේ.

පිරිමි දරුවන් තිදෙනෙකු සහ එක් ගැහුණු දරුවෙකු මෙලෙස බිහිකර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන අතර , අලුත් උපන් දරුවන් සිව්දෙනා සහ මව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් ඥාණරත්න පැවසීය.

නිවුන් දරුවන් බිහිකළ එම මව 30 හැවිරිදි වියේ පසුවන පාසල් ගුරුවරියකි. මෙලෙස බිහිකළ නිවුන් දරුවන් සිව්දෙනා රෝහලේ නව ජන්ම ළදරු විශේෂ ප්‍රතිකාර ඒකකයට යොමු කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබේ.

දරුවන්ගේ පියා මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරන අයෙකි.