මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉල්ලීම විසි වෙන ලකුණු!

කොළඹ LNW: පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් කතානායකවරයාට ඉදිරිපත් කර තිබෙන තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීමේ යෝජනාව බොහෝදුරට ප්‍රතික්ෂේප වීමට නියමිත බව වාර්තා වෙයි.

රට බංකොලොත් බව ප්‍රකාශ කර තිබෙන බැවින්, එවැනි ඉල්ලීමක් සදහා කිසිසේත්ම ඉඩ දිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත් පවසා ඇති බවයි කියවුණේ.

මන්ත්‍රීවරුන්ගේ එම ඉල්ලීමට ඔවුන් එලෙස දැඩි විරෝධය ප්‍රකාශ කර තිබෙන්නේ පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමකදීය.

මේ අතර මෙම ඉල්ලීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයද මාධ්‍ය ඔස්සේ ඊට විරෝධය දක්වා තිබෙන අතර ආණ්ඩුව කුමන තීරණයක් ගනු ඇත්ද යන්න පිළිබඳව විමසිල්ලෙන් සිටින බවයි පැෆරල් සංවිධානය පවසා තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...