ආරක්ෂක ඇස (Security Eye)

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 19, කොළඹ (LNW): ලබන සතියේ සිට පාතාල අපරාධකරුවන් ට්‍රේල් වර්ගයේ යතුරුපැදිවලින් ලුහුබැඳ ගොස් පහරදීම (Moving Target) සඳහා විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක් මෙහෙයුම්වලට යොදවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසන අතර, ‘ආරක්ෂක ඇස (Security Eye)’ නමින් වූ ලාංඡනයක් පලඳින මෙම ඒකකය සඳහා යොදාගන්නා කණ්ඩායම සටන් කලාවද ප්‍රගුණ කර ඇති බව පැවසේ.

වත්මන් පොලිස්පතිවරයා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස සිටියදී ක්‍රියාත්මක කළ ‘ආරක්ෂක ඇස’ සංකල්පය වැඩිදියුණු කරමින් මෙම ඒකකය නිර්මාණය කර තඇති බව පැවසේ.

පාතාල ක්‍රියාකාරකම් බහුල ප්‍රදේශවල මෙම කණ්ඩායම් යෙදවීමට නියමිත අතර පොලිස් නිල ඇඳුමට සමානව විශේෂ නිල ඇඳුමක් ඔවුන්ට ලබාදීමට සැලසුම් කර ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුව ලත් මෙම කණ්ඩායමට ට්‍රේල් වර්ගයේ යතුරුපැදි 100 ක් ලබාදී ඇති බව සඳහන් වේ.

පොලිස් විශේෂ කාර්ය බළකා යතුරුපැදි බළකායත් සමග ඒකාබද්ධව අදාළ මෙහෙයුම් සිදුකිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...