*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ජයවේවා ජොන් සුගුණදාසන්!

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 19, කොළඹ (LNW): “දේශපාලනය අපි කතා නොකර ඉමු.ක්‍රීඩාවෙන් ආදරය කරන්න පුරුදු වෙමු.” ඒ වචන ඔහුව සජීවිව නොපෙනෙන,මාර්ගගත අක්ෂරමය සංවාදයක මතුවන නිසා නිසා කෙසේ කියන්නට ඇද්දැයි මා නොදනිමි.ඒත් මගේ ඇසනම් තෙත් විය.උතුරේ ද්‍රවිඩ ජනතාවට තවමත් උන්නු බිම් පවා අහිමිය.උතුරෙන් නොකිව්වත් දකුණේ හැසීරීමට අනුව ගත් විට දකුණු නියෝජනය කරන සහ දකුණේ මිලිටරි සහ පොලිස් බලය උතුරු මත රඳවන හමුදා සහ පොලිසි ලෙස ඒවා උතුරට හඳුනාගන්නට බල කරන්නේ ආණ්ඩුවමය.එ් තත්ත්වය පැවති දීර්ඝ කාලය විසින් ගිණි තබන ලද යුද්ධයේ ගින්දර ජාතියක්,ආගමක් නොසළකා අළු කර දමන ලද ජීවිත ප්‍රමාණය මෙතෙකැයි කියන්නට නොහැකිය.ඒ සමඟ උන් හිටි බිම් පවා අහිමි කර ගනිමින් විදෙස්ගත වූ නාම ලේඛණයේ සිටින,ඒ බව වචනයකින්වත් කතා කරන්නට අකමැති අපේ කතා නායකයා මෙරටින් පිටත්වී ඇත්තේ ඔහුට අවුරුදු 10 දී ය.ඒ 1985 දි ය.
වර්ථමානයේ “ෆුට්බෝල් ඕස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කවුන්සිලයේ” මෙන්ම මෙල්බර්න් හි තාක්ෂණික අධ්‍යක්ෂක සහ පුහුණුකරු වන ජොන් සුගුණදාසන් අපේ කතා නායකයාය.


“ඒ ගිය නිසා මට හොඳ ජිවිතයක් පහසුකම් එක්ක මේ දක්වා එන්න පාර හැදුණා”


ඔහු එක් අතකින් වියෝ වූ සහ අහිමි වූ අතීතය ගැන නොසිතා හිමි වූ ජීවිතයේ බර සහ වර්ගපලය සංසන්දනය කරමින් සතුටු විය හැකි දරා ගැනීමකින් යුත් මිනිසෙක්ය.ක්‍රීඩාවට අවශ්‍යයම දරා ගැනීම ජීවිතයෙන්ම පිළිඹිඹු කරන ඔහු අතීතයේ පීඩවාන් මත තැවෙමින් වෛරයෙන්,ක්‍රෝධයෙන් තැවෙන්නේ නැත.ගෝලය දක්වා පන්දුව ගෙන යාමට අවශ්‍යය චිත්ත පාලනයෙන් සහ ඒකාග්‍රතාවයේ ඉහළින්ම රැදී ඉන්නේය.
FIFA Series 4-Nations ජාත්‍යන්තර පාපන්දු මිත්‍ර තරඟ සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි ජෝන්, “උඩුවිල් බාලිකා විද්‍යාලය” සමඟ පුහුණු සැසි කිහිපයක් ද පවත්වා ඇත. ඒ ඪායාරූප කිහිපයක් සමඟ ඔහු ඕස්ට්‍රේලියාවේ පුහුණු කිරීම් කරන ආකාරයේ ඡායාරූප කිහිපයක් ද මේ සටහනට ඔබා ඇත.ඊට හේතුව ඔහු බොහෝ සුව පහසු තැනෙක සිට හදවතින්ම කැප වෙමින් දුශ්කර පොළවකට පය තබමින් එය ඔප මට්ටම් කිරීමේ වගකීමට උර දෙන බව කියන්නට ඒ ඡායාරූපවල වචන වලට වඩා දෘශ්‍යමය සාක්ෂි ඇති බැවින්ය.
බාලිකා පාපන්දු සංවර්ධන වැඩසටහනක් සඳහා ඔහු ඔක්තෝම්බර් මාසයේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නට පොරොන්දු දී නික්මෙන අතර ඔහුගේ සිහිනය එය වාර්ශිකව සිඳු කිරීමය. කතාවේ ඔහු නොකියන කාරණ කිහිපයක් තිබෙන බව ඔහු නොකිව්වද ඇත්තය. ඒ වෑයම පසුපස ඇත්තේ ඔහුගේ කුඩා වියේ උතුරේ නොතිබුණු ක්‍රීඩා කිරීමේ නොහැකියාව සහ පරිසරය අලුත් පරම්පරාව වෙත පරිත්‍යාග කිරීමය.


“දේශපාලනය අපි කතා නොකර ඉමු.ක්‍රීඩාවෙන් ආදරය කරන්න පුරුදු වෙමු.”


මේ හැම මොහොතකම ජෝන් සුගුනදාසන් තුළ සිටින ආදරණීය මනුස්සයාම අවදිව හදවතේ ඇති කරන ලයාන්විත හැඟීම ප්‍රශංසාත්මකය.ගෞරවය සහ උත්ප්‍රේරණය මුසු කරන්නේය. ඔහු උතුර සහ දකුණ අතර එක්සත් භාවය ගැන දේශපාලනික ඉතිහාසයේ හෝ වර්ථමානයේ ඇති වෙනස්කම් හෝ සැළකීම්,නොසැළකීම් වචනවලට ගෙන එන්නට කැමති නැත.ඔහු වචනයක්වත් ඒ ගැන කියන්නේ නැතුව ඔහු උතුරේ බාලිකාවන් වෙනුවෙන් දිග අරින්නට බලාපොරොත්තු වෙන පාපන්දු දැණුම මනුස්ස ආදරය සංඛේතවත් කරන පුහුණු කදවරු ගැන කතා කරන්නට සහ ඒවා දිරිගන්නවන්නට මැදිහත් වන්නට කියමින් ඔහු ඉල්ලා සිටින්නේ එක දෙයකි.


අපිව එක්සත් කිරීමට පාපන්දුව භාවිතා කරන්න”


සැබවින්ම ලෝකයේ විවිධ දියුණු සංස්කෘතික පාපන්දු පරිසරයන් හී වෙසෙන ලාංකේය සම්භවයක් ඇති පිරිස් අද නැවත එක්සත්ව එක්සිත්ව ශ්‍රී ලංකාවේ ධජය යටතේ පාපන්දු පිටියට බසිමින් ඇත.බොහෝ විට උතුරේ යුද දේශපාලනය නිසා නොව වෙනත් හේතු නිසා ද මේ පොළවේ ජීවත්වීමට වඩා හොඳ ජීවිත සොයා ඉඟල්ලුණ මිනිස්සුන්ගේ පසු පරම්පරාවල් ලෙස හමුවන වත්මන් පාපන්දු කණ්ඩායමේ බහුතරයකට එසේ නික්ම යාමම ශ්‍රී ලංකාවට වාසිදායක වී ඇත.අප ලෝකයේ උතුම් රට සහ වසන්නට හොඳම රට හැටියට පත්වීමට තව දුර යායුතු බව මෙහි අවසාන හැඟීමය.ඒ සඳහා පාපන්දුවෙන් අප සිතුවොත්, පාපන්දුව හැහා හෝ ජොන් සුගුණදාසන්ලාගේ විසල් ආදරය ඇති හදවත් වෙත ගෞරවයෙන් නැමිය යුතුය.ආදරය සහ ගෞරවය දිය යුතුය.


“මම ඕස්ට්‍රේලියාවේදී පාපන්දු වලට ආදරය කළා, විශේෂයෙන් ගැහැණු ළමයින්ගේ පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්න හවුල් වුණා.”
ඔහු වඩා දියුණු දක්ෂයාට ඉඩ සහිත සමාජයක සිය පාපන්දු ආදරය වඩා පළල් ඉම් සොයා ගමන් කළ අයුරු පවසයි.
“මගේ ක්‍රීඩාවට ඇති ඇල්ම ඔස්සේ ඒකෙ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට ලබා දීමට උනන්දු වෙනවා.”
ජොන් ගෙ වචන රහය.බලාපොරොත්තුවෙන් පිරුණු ඒවාය.ඔහු පාපන්දු ක්‍රීඩාව ගැනම බලාපොරොත්තු තබා ගෙන
“අපිට එකට ඉදිරියට යන්න පුළුවන් කියලා මම බලාපොරොත්තු වෙනවා. අපිට බෙදෙන්න දේ නොව, අපිට එකට වැඩ කළ හැකි, අපව එක්සත් කරන දේ සොයා ගන්න එක තමයි වඩා හොඳ”
මේ වචන අස්සේ ජොන් කතා කරන්න අකමැති දේශපාලනය මෙන්ම ඔහු කැමති දේශපාලනයද ඇති බව මට හැඟේ.පක්ෂ දේශපාලනය සහ එහි බලපෑම මත ප්‍රසාරනය හෝ සංකෝචනය වන සෑම ක්‍රියාකාරකමකටම තීරණාත්මක සාධකයක් වූ පරිසරයක, ඔහු පමණක් නොව අප ද අකමැති දේශපාලනය අදාළ නොවන, වෙනත් දියුණු සමාජ ක්‍රියාකාරකම්වලට නැඟෙන්නට හැකි පරිසරයක හැඳෙන ජෝන් වඩාත් කැමති මේ රට එහෙම තැනක් වනු දැකීමට විය යුතුය.


සමහර විට ජොන්ට එහෙම රටක් තිබුණානම් ඕස්ට්‍රේලියාවට යන්න අවශ්‍යය නොවන්නට තිබිණ.එතැනට මානව චින්තනය දියුණු වූ රටක ඕස්ට්‍රේලියාවේ තරම්ම හොඳින් දක්ෂතාවයන්ට ඉහළට නඟින්නට ඉණිමං ඉබේම තැනෙනු ඇත. ජොන්ගේ සිහිනය පැහැදිළිය.එය දේශපාලනය කතා නොකරමු කියන ඉල්ලීම හරහාම ඔහු අවිඥාණිකව මෙහෙයවන මේ පොළවේ දේශපාලනික අනන්‍යතාවයේ බලපෑම ද තිබෙන බව ඉඟි කරන්නේය.
ජෝන් අපි ඒත් වැඩ කරමු.ඔබට ඔබේ අදහස්වල සිට නිදහසේ දැණුම වපුරන්න, ලංකාවේ කාන්තා පාපන්දුව ලෝකයේ සරුබිම් හරහා පෙරළා පෙරළා පහර දෙන්න දකින ආදරණීය හීනයට අපිත් ආදරය කරමු.සුබ පතමු.නැවත නැවත ඔබේ වචන අවධාරණය කරමින් ඔබේ හීනය පෙරළෙන මඟට අපි ඔබ අකමැති දේ නොදමනවා සේම,ඔබ යන මඟට ඒ අකමැති දේවල් පෙරළෙනවාදැයි විමසිල්මත්ව සිටින්නෙමු.වළකන්නට පෙරට එන්නෙමු.ඒ ඔබ වෙනුවෙන්ම නොවෙන රට වෙනුවෙන් එවැනි අවධානයක් ඔබේ සත් ක්‍රියාව වෙනුවෙන් අවැසි බැවිනි.


“දේශපාලනය අපි කතා නොකර ඉමු.ක්‍රීඩාවෙන් ආදරය කරන්න පුරුදු වෙමු.”
ඒවා දියුණුම දියුණු තැනකට රට තල්ලු කරන මානව ආදරය විසින් ඇති කරන ප්‍රබෝධජනක හැඟූමක්ය.
ජයවේවා ජෝන්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan