*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

අවුරුදු සමයේ නීති කඩකළ ව්‍යාපාරිකයන් 86කට නඩු

සටහන – නදීක දයා බණ්ඩාර

අප්‍රේල් 19, මහනුවර (LNW): සිංහළ හින්දු අලුත් අවුරුදු සමයේ පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාරිකයන් 86 දෙනෙකුට නඩු පැවරීමට මහනුවර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු යොදා තිබේ.

මිල ප්‍රදර්ශනය නොකිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවිය, අලෙවි ද්‍රව්‍යවල නියමිත බර නොතිබීම ඇතුලු පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම නඩු පවරා ඇති අතර දැනට අධිකරණය හමුවට කළ ඉදිරිපත් කිරීමෙන් රුපියල් 50 000ක දඩ මුදල් ගෙවීමට නියෝග කොට ඇත.

මහනුවර නගරය, නාවලපිටිය, දිගන, තෙල්දෙණිය, අකුරණ, ගලගෙදර, මුරුතලාව ඇතුල නගර කිහිපයක මෙම වැටලීම් සිදු කළ බවත් අලුත් අවුරුද්දෙන් පසුව ද මෙම වැටලීම් හා සොදිසි කිරීම් අඛණ්ඩව සිදුකරන බව මහනුවර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී තුෂාර රෑනපාන ප්‍රකාශ කළේය.

එම අධීකාරී කාර්යාලය මෙම වර්ෂයේ මාර්තු මස දක්වා කරන ලද වැටලීම් හේතුවෙන් නඩු 156ක් පවරා රුපියල් තුන්ලක්ෂ අසූතුන්දහසක මුදලක් දඩ මුදල් වශයෙන් අය කර ගත් බව ද ඒ මහතා සඳහන් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan