මීළඟ විගණකාධිපති කවුද ?

Date:

හිටපු විගණකාධිපති ඩබ්. පී. සී. වික්‍රමරත්න මහතා පසුගිය 08 වනදා විශ්‍රාම යාමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා සුදුස්සෙකු පත්කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 වනදා රැස්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව විගණකාධිපති ධුරය සඳහා සුදුසු නාමයෝජනා අද හෙටම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

විගණකාධිපති ධුරය යනු මෙරට රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු අතරින් එකකි.

ජාතික විගණන කාර්යාලයේ දැනට සිටින ජ්‍යේෂ්ඨත්වයෙන් ඉහළම නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු නව විගණකාධිපති වශයෙන් පත්කෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය විදේශිකයින්ට යළි වීසා පහසුකම් ලබාදෙයි!

කොළඹ LNW:ඉන්දියානු නේපාල සොනාලි දේශ සීමාව ඔස්සේ ගමන් කරන...

නදීශාට හොඳ අවස්ථාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...

අපහසු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව කෙතරම් ශක්තිමත්...