*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/19

  1. 2019 පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අද දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැඳවා තිබේ – පාස්කු ප්‍රහාරය පිටුපස විශාල කුමන්ත්‍රණයක් සිදුව ඇති බවට හිටපු නීතිපතිවරයා සිදුකළ ප්‍රකාශය ඔස්සේ පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන අරඹයා යම් සැකයක් මතුව ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
  2. එළඹෙන මැයි 03 වන දින සිට අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව ඉවත් කර දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි – අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව පිළිබඳ ලැබී තිබෙන පැමිණිලි ගණනාවක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ – අර්ධ සුඛෝපභෝගී බස් රථ සාමාන්‍ය බස්රථ සේවා හෝ සුඛෝපභෝගී බස්රථ සේවා බවට පරිවර්තනය කරන මෙන් ඉල්ලා සිටියි.
  3. ලංකා විදුලිබල බණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ මාර්ග සිතියම හා කාලරාමුව සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි – නව විදුලි පනතේ අවසන් කෙටුම්පත මැයි මස අවසානයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරවා ගැනීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි – ඔක්තෝබර් අවසානවන විට, ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයක් පිහිටුවීම, මූල්‍ය හා මානව සම්පත් විගණනයක් පැවැත්වීමට සහ අදාළ සංක්‍රාන්ති ක්‍රියාවලියට අනුගත වීමට ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය, සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය වැනි සංවර්ධන ආයතනවල සහාය ලබා ගැනීම සඳහා ද අනුමැතිය හිමිවූ බව පවසයි.
  4. සම්මුතිගත සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේ‍ම්නාත් දොලවත්ත විසින් ඉදිරිපත් කළ දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනනේ “ව්‍යවස්ථානුකූලභාවය” ප්‍රශ්න කරමින් ජෙහාන් හමීඩ් සහ ෂෙනාලි වඩුගේ යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාධරයන් සහ හිටපු බ්‍රිගේඩියර් අතුල ද සිල්වා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්මක් ගොනු කර තිබේ: මෙම පෙත්සමේ මතුකර තිබෙන කරුණු, “පදනම් විරහිත, ද්වේශ සහගත, ප්‍රබන්ධාත්මක සහ සාවද්‍ය” බවට පෙන්වා දෙමින්, ළමා හා කාන්තා අයිතිවාසිකම් ක්‍රියාධරයන් සහ මානව හිමිකම් ක්‍රියාධරයන් විසින් ඊට එරෙහිව අතුරු පෙත්සම් ගොනු කිරීමට කටයුතු කර තිබේ.
  5. මෙම වසරේ අප්‍රේල් 20 වන දින වන විට සංචාරකයන් 400,000 ක් දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි – අප්‍රේල් මාසය තුළ පමණක් අප්‍රේල් 16 වන විට, සංචාරකයන් 55,000 ක් දිවයිනට පැමිණ ඇති බව පවසයි – ඉකුත් ජනවාරි සිට මේ දක්වා පැමිණි බොහෝ සංචාරකයන් රුසියානු හෝ ඉන්දියානු ජාතිකයන් බවත්, එළඹෙන මාසය තුළ චීන ජාතිකයන් වැඩි වශයෙන් දිවයිනට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවන බවත් එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි.
  6. දිවයිනේ පවතින ඖෂධ හිඟය ක්‍රමක්‍රමයෙන් අවම වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි – මීට මාසයකට පමණ ඉහත ඖෂධ වර්ග 170 කට අධික ප්‍රමාණයක හිඟයක් පැවති බවත්, මේ වන විට එය 100 කට අඩු සංඛ්‍යාවක් දක්වා පහත වැටී ඇති බවත් සෞඛ්‍ය අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසයි – දැනට හිඟ ඖෂධ වර්ග 60 ක් මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ඇති බව ද පවසයි.
  7. රජයේ අංශ 04ක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින්, 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි – අප්‍රේල් 17 වන දින සිට බල පැවැත්වෙන පරිදි, විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සේවාවන්, තැපැල් සේවය සහ රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා, සහ ඒ හා සමාන ආයතනවල රෝගීන්ගේ නඩත්තුව, රැකවරණය, පෝෂණය සහ ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලු සේවාවල වැඩ හෝ ශ්‍රමය අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කර තිබේ.
  8. රාමසාන් උත්සවයට සමඟාමීව සිදුකරන නිරාහාරව සිටීමේ මාසය නිමිත්තෙන් සමරනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙයි – ඉකුත් දශක කිහිපය තුළ ජාතික සමගිය ඇති කිරීමට මුස්ලිම් ජනතාව සක්‍රීයව දායක වූවා සේම අනාගතයට ද ඉදිරියට යන මෙන් අග්‍රාමාත්‍යවරයා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
  9. පැහැදිලි අරමුණක් ප්‍රකාශයට පත් නොකරමින් මෙරට රිලවුන් (Macaca sinica) චීනයට අපනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය ප්‍රශ්න සහගත බව පෙන්වා දෙමින් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ වෙත ලිපියක් යොමු කරයි – “දෙවියන්ගේ සංකේතයක් වන මෙම සතුන් මුදලට විකිණීමේ වෑයමට” එරෙහිව සහ මෙම සතුන් ආරක්ෂා කර ගැනීමට, වඳුරා පූජනීය සතකු ලෙස සලකන ඉන්දියාව වහා මැදිහත් විය යුතු බව අවධාරණය කරයි.
  10. ගාල්ලේදී පැවති අයර්ලන්තයට එරෙහි ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකාව පන්දුවාර 280 ක දී කඩුලු 6 ට ලකුණු 591 ලෙස අයර්ලන්තය පරදා ජයග්‍රහණය කරයි (කරුණාරත්න 179, කේ. මෙන්ඩිස් 140, සමරවික්‍රම 104, චන්දිමාල් 102).

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan