සජබ e කොළම.

Date:

අශෝක ජයතුංග

අප්‍රේල් 20, වොෂින්ටන් LNW :

🎀21 වන සියවසේ දී ගල් යුගයේ නොයිද රටේ දූ දරුවන් ඩිජිටල් අධ්‍යාපනයෙන් අනාගතය හා ලෝකය දිනන ශ්‍රේෂ්ඨ පුරවැසියන් කරනා අනාගයක් වෙනුවෙන් වි : නායක සජිත් ගේ වැඩ සටහනට දිරිය දෙමු – සජබ කියයි.

  🎀සජිත් අවුරුදු දිනවලත් වැඩ. 15 දා තිස්ස සහිරා, 16 කිරින්ද මුස්ලිම්, 17 අම්බලන්තොට අල් අක්බාර් විදුහල් වලට සජිත් හා ජලනි ගෙන් ස්මාට් පංති. පුත්තලම තොඩුවාව පාසැල ට හා මහරගම මානවසිංහ විදුහලටත් එවැනිම පංති.

🎀අද පෞද්ගලික අධ්‍යාපනය කිරි, රජයේ අධ්‍යාපනය කැකිරි. මේ ප්‍රතිපත්තිය අපේ රජයෙන් වෙනස් කරලා සියලු දරුවන්ට සාධාරණ අධ්‍යාපන අයිතිය ලබා දෙනවා – සජිත්.

🎀සංචාරකයන් ලංකාවට එන්න ගත්තා විතරයි එම ක්ෂ්‍රේත්‍රය විනාශ කිරීම හා සංචාරකයන් ගසාකෑම ආණ්ඩුව පටන් අරන්. සාර්ක් කලාපෙන් එන අයගෙ වීසා ගාස්තු ඩොලර් 20 සිට 58 දක්වාත් ඉන්පිට අයට ඩො 50 තිබුණු එක 100 කරලා – සජිත්

🎀IMF එක එක්ක කතා කරලා ජනතාවට රටට හිතැති ප්‍රතිපත්ති තුළ දුවන රටක් ලබන සිංහල අවුරුදට සජබ යටතේ බිහිකරනවා – සජිත්.

🎀මේ ආණ්ඩුවේ ආයුෂ තව මාස කීපයයි – ආචාර්ය හර්ෂ.

🎀ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අපැහැදිලි තැන් එමටයි. එය රටට ඉතා ගැටලුකාරීයි – හර්ෂ

🎀අධි ආදායම් ලබන අයගේ ආරක්ෂාවට සියලු ප්‍රතිපත්ති හදලා ජනතාවට හාල් මල්ලක් දීලා. එදා හදෙන් හාල් ගෙනත් දෙන්නම්, ඇට රාත්තල් 08 ක් දෙන්නම් කිව්වම රැවටිල ඡන්දෙ දෙන අය දැන් ඇත්තෙ නෑ -චන්දිම වීරක්කොඩි.

🎀ජවිපෙ හෝ මාළිමාව හෝ අනුර රට හදන හැටි ගැන සජබ හෝ සජිත් නායකතුමා එක්ක විවාදෙට නොඑන්නෙ රට හදන වැඩ පිළිවෙලක් එයාලට නැති නිසා බව ජනතාව තේරුම් ගත්තා – නලින් බණ්ඩාර.

🎀පාස්කු ප්‍රහාරයට වසර 05 ක් පිරුණ මේ වෙලාවෙ ජවිපෙ ජාතික ලැයිස්‍තුවේ හිටපු ඊබ්‍රහිම් නානාගෙ පුත්තු දෙන්න මරාගෙන මැරිල සිය ගණනක් මරපු එකට ජවිපෙ වගකිවයුතු බව රටට කියා ජාතියෙන් සමාව ගන්න – අශෝක් අබේසිංහ.

🎀ජනපතිවරණයේදී එජාප සහාය සජිත් ට ලබා දෙනවා නම් එජාප නායකයන්ට ඉහළ තනතුරු ලබාදීම ගැන සජබ ට සලකා බැලිය හැකියි – අශෝක් අබේ.

🎀පාස්කු ප්‍රහාරය ගැන මාළිමාව බලයට ආවොත් කරන දේ ගැන යොමුකල ලියවිලි පිළිගන්නේ නැති බව කාදිනල් හිමි පැවසූ බව සමාජ මාධ්‍ය කියා තිබුණා – හෙක්ටර් අප්පුහාමි.

🎀බෙහෙත් වලින් කෝටි ගණන් ගහපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 679 කුත් ආගිය තැනක් නැතිවෙන්නම හොරකම් කරලා – සජබ කියයි.

🎀සජබෙන් ආණ්ඩුවට අච්චර යනවා මෙච්චර යනවා කියල ආණ්ඩුව කිව්වට අපෙන් එකෙක් යන්නෙ නෑ – ජේ සී අලවතුවල.

🎀අවුරුදු කන එක මිනිස්සුන්ට අමාරු වුණාට ආණ්ඩුවෙ 20 ක් ඇමෙරිකාවෙ එංගලන්තෙ ප්‍රංශයේ අවුරුදු කෑවේ. අනිත් ඔක්කොම නුවරඑළිය ගාල්ල නුවර හම්බන්තොට සුපිරි හෝටල් වල හිටියේ – සජබ.

🎀සජබ ආර්ථික කමිටුව මාළිමා ආර්ථික කමිටුවට මුලින්ම විවාදෙන ඇරයුම් කලා. එයාල බයවෙලා මග අරින නිසා සජිත් අනුර විවාදෙකට පැටලෙව්වේ සජිත් මග අරීවි යි හිතලයි. සජිත් අභියෝගෙ බාරගත්තම දැන් අනුර මග අරිනවා. රටම මේක දැනගන්න – සජබ

🎀ජවිපෙ සමාජවාදී ක්‍රමයේ යන්නෙ. එහෙම රටවල් ලෝකෙ දැන් නෑ. තියෙන රටවල් දෙක කියුබාව හා උතුරු කොරියාවයි. ඒවා බංකොලොත් හා නන්නතාරයි.ජවිපෙ සමාජවාදය හා මාළිමා සෙට් එකේ ධනවාදී අදහස් අතර හෙණ වලියක් නිසා මෙයාලට වැඩ පිලිවෙලක් හදාගන්නත් බෑ. විවාදෙට නොඑන්නෙත් ධනවාදී හෝ සමාජවාදී මත වලින්රටට කියන්නේ කෝකද  කියල බේරුම් කරගන්න බැරිවීම නිසයි – සජබ.

🎀පාස්කු ප්‍රහාරය ගැන ඉදිරි පියවර ගැන කාදිනල් හිමිගෙ සාකච්ඡාව ජවිපෙ අනුර මග ඇරලා. පොරොන්දු ලේඛණ වලට අත්සන් තියලාත් නෑ – අජිත් පී.

🎀රටේ ඇතිවීම හෝ නැතිවීම තීන්දුවන ඡන්දය අත ලගයි. දක්ෂම කණ්ඩායමට හා රට ගොඩගත හැකි වැඩ පිළිවෙලක් රට හමුවේ තබන අය දිනවන එන ජනතාවගේ වගකීමයි – රන්ජන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...