ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම හෙට (20) දිනයේ දී කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇතැයි කොප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ වැය තත්ත්වය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දී සාකච්ඡා කර ඇති බවත් එවන් මොහොතක නැවත ගුවන් යානා මිලදී ගැනීමට සූදානම් වන බවත් දැන ගැනීමට ලැබී ඇතැයිද පැවසූ චරිත හේරත් මහතා,ඒ අනුව එම සමාගම හෙට කෝප් කමිටුව හමුවට කැදවීමට තීරණය කළ බව පාර්ලිමේන්තුව දැනුවත් කළේය.

මේ පිළිබඳව වාර්තාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා පැවසීය

මෙහිදී අඳහස් දැක්වූ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩී.වි.චානක මහතා ප්‍රකාශ කළේ, ඉදිරියට කිසිදු ගුවන් යානාවක් ලබාගැනීමට බලාපොරොත්තු නොවන බවත් හෙට පවතින කෝප් කමිටුවේ දී ඒ පිළිබඳව ප්‍රශ්න කළ හැකි බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහුන්ගල්ලේ සිදුවූ වෙඩි තැබීම පිළිබඳව පොලිස් කණ්ඩායම් තුනක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW :1 අහුන්ගල්ලේ සිදුවූ වෙඩි...

අගතියට පත් සූර්ය බලශක්ති නියෝජිතයින්ගේ ගැටලු අරන් විපක්ෂ නායක ප්‍රංශ තානාපතිවරයා හමුවෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය මුහුණ දෙන අභියෝග...

බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් මාරු කිරීම ආරම්භ වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : බෝගම්බර බන්ධනාගාරය වෙත...

කටුනායකට නව ගුවන් යානා ඉන්ධන නල මාර්ගය ඉදිකිරීම අද(02) ඇරඹේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මුතුරාජවෙල සිට කටුනායක...