අදත් ප්‍රදේශ රැසක මාර්ග අවහිර කරමින් ජනතාව විරෝධයේ …

Date:

අද (20) දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව මහාමාර්ග අවහිර කරමින් විරෝධතාවල නිරත වී සිටින බව වාර්තා වේ.

ඉන්ධන මිල වැඩිකිරීමට සහ ඉන්ධන හිඟයට විරෝධය පාමින් ඔවුහු මෙසේ උද්ඝෝෂණවල නිරත වී සිටිති.

ඒ අනුව අද උදෑසන සිට බලපිටිය ප්‍රදේශයෙන් ගාලුපාර අවහිර කරමින් ජනතා උද්ඝෝෂණයක් පැවැත්වෙමින් තිබේ.

එසේම බදුල්ල – පස්සර මාර්ගය 8 කණුව මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වෙමින් සිටින අතර එහි ගමනාගමන කටයුතු එක් මංතීරුවකට සීමා වී ඇති බව සඳහන්.

එමෙන්ම පානදුර ප්‍රදේශයෙන් ගාලු පාර අවහිර කරමින් ජනතාව ඊයේ ආරම්භ කළ විරෝධතාව අද දිනයේත් ක්‍රියාත්මක ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ...

තවත් ප්‍රමාද නොවී විගණකාධිපතිවරයෙක් පත් කරන්න – මුදල් කාරක සභාවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ තවදුරටත් ප්‍රමාදයකින් තොරව විගණකාධිපතිවරයෙක් පත්කරන ලෙස මුදල් කාරක...

දිට්වා ආපදාවෙන් මහනුවර පුද්ගලයන් එක්ලක්ෂ අසූහය දහසකට පීඩා!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...