පොලිසියෙන් විශේෂ නිවේදනයක්.

Date:

රෂිකා හෙන්නායක

කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ සිට කොච්චිකඩේ අන්තෝනි දේවස්ථානය දක්වා පැවැත්වීමට නියමිත  විශේෂ දේව මෙහෙය සහ පාගමන  සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

කොටහේන පොලිස් වසමේ පිහිටි කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ සිට වෙරළබඩ පොලිස් වසමේ පිහිටි කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පාගමනක් පවත්වා අනතුරුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට කටයුතු සැලැසුම් කර ඇති බැවින් රථවාහන ගමනාගමනය සීමා කිරීමට සැලසුම් කර තිබෙන බව එම නිවේදනයෙන් සඳහන් කර ඇත.

පොලිසිය සඳහන් කළේ, මෙම පා ගමන උදෑසන 07.00 ට කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයෙන් ආරම්භ කර බොංජින් හන්දියෙන් වමට හරවා ගල්පොත්ත වටරවුමෙන් ගල්පොත්ත වීදිය හරහා ජම්පටා වීදියට ගමන් කර ජම්පටා වීදිය ඔස්සේ වෙරළබඩ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව ඇති බවයි.

පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඒ අනුව එදින උදෑසන 07.00 සිට උදෑසන 11.45 දක්වා වරින්වර වෙරළබඩ පොලිස් වසමේ පහත මාර්ගයන් තාවකාලිකව වසා තැබීම සිදු කරන බැවින් ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.


අදාළ නිවේදනය පහතින් ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...