ජනතාවට ඉතාම අපහසු කාලයක්. ආණ්ඩුව හදන්නේ අපිවත් මර්දනය කරන්න (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මේ අවුරුද්ද රටේ ජනතාවට ඉතාම අභියෝගාත්මක වසරක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ආණ්ඩුව තමන්ගේ වැරදි වසා ගැනීමට පැහැදිලිවම විපක්ෂය මර්දනය කරන බවත් තමන්ගේ නොහැකියාව වසා ගැනීමට ඒ පීඩනය ජනතාවට දෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ගල් අඟුරු සම්බන්ධයෙන්ද 2009 සිට නොව තිබුණා නම් 88/89 ඉදන්ම වංචා දුෂණ සෙවීම කරන්නේ නම් හොඳ බවත් අනිවාර්යයෙන්ම එම පරීක්ෂණ සිදුවිය යුතු අතර එවිට ආණ්ඩුවේ බොරුව හෙළිදරව් වන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන ද සම්පූර්ණයෙන් දේශපාලනීකරණය කර ඇති බව හෙතෙම ප්‍රකාශ කරන ලදී.

මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (20) අලුත් අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...