අද (20) දිනයේත් නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම උණුසුමට වැඩිවේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් තෙහෙට්ටු තත්වයක් ඇතිවන අතර තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් විජලනය සහ ලවණ ඉවත් වීම නිසා ඇතිවන මස්පිඬු පෙරළීම් ඇති වියහැකි බවටයි එම දෙපාර්තමේන්තුව අනතුරු හඟවන්නේ.
RN