ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ හිඟයක් නිසා රෝහල් පද්ධතිය අනතුරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 21, කොළඹ (LNW):රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය විසින් හෙළිදරව් කර සිටින්නේ, මෙරට රෝහල් පද්ධතිය තුල ඖෂධ සංයෝජක නිලධාරීන් 300 ට වැඩි පිරිසකගේ හිඟයක් පවතින බවයි.

ඒ හේතුවෙන් රෝහල් පද්ධතිය මේ වන විට ගැටලු රැසකට මුහුණ පා ඇති බව, එහි සභාපති උදේනි දසනායක මහතා සඳහන් කළේය.

තවද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවේ වසර 05 කට වැඩි කාලයක සිට එම නිලධාරීන්ගේ හිඟය පවතින බවත්, එම හිඟයට පිළියමක් ලෙස මේ වසර තුළ ඖෂධ සංයෝජක නිලධාරින් බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , පුරප්පාඩු සංඛ්‍යාව බඳවා ගෙන ඔවුන් වසර එකහමාරක ඖෂධ සංයෝජක පුහුණුවෙන් අනතුරුව රෝහල් පද්ධතියට යොමු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...