මට අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අනිවාර්‍යෙන් අල්ලනවා – ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 21, කොළඹ (LNW):තලාහේන පක්ෂ කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ,

” මට අවස්ථාවක් ලැබුණොත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නිසැක වශයෙන්ම අල්ලනවා” ලෙසයි.

පාස්කු ප්‍රහාරය සිදුවී වසර පහක් ගත වන අවස්ථාවේදී තවමත් එම ප්‍රහාරයේ මහ මොලකරුවන් නිදැල්ලේ සැරි සරන බවද ඒ මහතා කියා සිටි අතර, බුද්ධි තොරතුරු වලට අනුව එම ප්‍රහාරය සිදුවන දිනය වේලාව ස්ථාන සියල්ලම රාජ්‍ය බුද්ධි තොරතුරු නිලධාරීන් විසින් කලින් දැනුම් දී තිබියදීත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දඬුවම් ලැබිය යුතු බවද සරත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් පවසා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අත්අඩංගුවට...

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...