ANUFOOD Brazil ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලාංකික සමාගම් සඳහා ධනාත්මක ව්‍යාපාරික සම්බන්ධතා සහ ඇණවුම් හිමි වේ

Date:

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් 2022 අප්‍රේල් 12 සිට 14 යන දිනවල බ්‍රසීලයේ සාඕ පාවුලෝ හි පැවති ANUFOOD Brazil 2022 ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන් සිව් දෙනෙකු වන එම්/එස්. ඉම්පීරියල් ටී (පුද්) සමාගම, එම්/එස්. මෝල්ට්රාස් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම, එම්/එස්. බැසිලර් ටී (පුද්) සමාගම සහ එම්/එස්. ටී ටෝක් (පුද්) සමාගම සහභාගී විය.

ANUFOOD Brazil ප්‍රදර්ශනය බ්‍රසීලයේ වාර්ෂිකව පැවැත්වෙන ප්‍රමුඛතම ආහාර පාන ප්‍රදර්ශනවලින් එකකි. ANUFOOD 2022 සඳහා සහභාගී වූ රටවල් 19 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් විය. බ්‍රසීලියානු සන්නාම සහ ජාත්‍යන්තර සන්නාම 900කට අධික ප්‍රමාණයක් මෙහිදී ප්‍රදර්ශනය කරන ලදි. තොග වෙළෙන්දන් සහ බෙදාහරින්නන්, සුපිරි වෙළඳසැල්, පහසුදායී වෙළඳසැල් සහ ආහාර පාන කර්මාන්තයේ නියෝජිතයෝ මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණිය හ. 

ශ්‍රී ලංකාවේ සමාගම්වලට මෙහිදී සතුටුදායක ආකාරයේ ඇණවුම් සහ ව්‍යාපාරාන්තර රැස්වීම් හිමි විය. අමාත්‍ය උපදේශක (වාණිජ්‍ය) සීවලී විජේවන්ත මහත්මියගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සඳහා පහසුකම් සපයන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසිලියා

2022 අප්‍රේල් 20 වැනි දින 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...