පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර තුනයි. යුක්තිය තවමත් ප්‍රමාදයි …

Date:

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේදී කතෝලික පල්ලි, සංචාරක හෝටල් ඇතුළු ස්ථාන 8කදී එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර මාලාවට අදට වසර 3ක් සපිරේ.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රීලා, සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල්, දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හල සහ දෙමටගොඩ පිහිටි එක් බෝම්බකරුවකුගේ නිවස යන ස්ථානවලදී මරාගෙන බෝම්බ ප්‍රහාර එල්ල කෙරිණි.

ජාතික තව්හිද් ජමාත් යන ඉස්ලාම් අන්තවාදී සංවිධානය විසින් මෙම ප්‍රහාර මාලාව එල්ල කර තිබුණු අතර මෙයින් 250කට අධික පුද්ගලයින් සංඛ්‍යාවක් මියගොස් 500කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබීය. එමෙන්ම මින් සංචාරක කර්මාන්තයට එල්ල වූ බලපෑම නිසා රටේ ආර්ථිකයට ද දරුණු පීඩනයක් එල්ල විය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්, මේ පසුපස ඇති කුමන්ත්‍රණ සම්බන්ධයෙන් සැක සංකා විශාල වශයෙන් මතුවූ අතර පාර්ලිමේන්තු කාරකසභාවකින්, විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම් දෙකකින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ අතර මේ වනවිට විත්තිකරුවන් යම් ප්‍රමාණයකට අධිකරණ හමුවේ චෝදනා ගොනුකොට නඩු කටයුතු ආරම්භ කර ඇති නමුත් කඩිනමින් යුක්තිය ඉටුවන ආකාරයක් නම් තවමත් දකින්නට නැත.

ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන්ට සහ කම්පනයට පත් සියලු ශ්‍රී ලාංකිකයින්ට අපි අපේ ශෝකයත් සහෝදරත්වයත් පළකර සිටින්නෙමු …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...