මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් !

Date:

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනී රෝහිණී මාරසිංහ මහත්මිය එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව ආරංචිමාර්ග පවසයි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් වන රෝහිණී මාරසිංහ මහත්මිය යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අපක්ෂපාතීතව සහ අනම්‍යව කටයුතු කරමින් සිටිමින් බව පැහැදිලිවම පෙන්නට ඇති අතර එය රජයේ ඇතැමුන්ට හිසරදයක් වී තිබේ.

රෝහිණී මාරසිංහ මහත්මිය මානව හිමිකම් කොමිසමට අමතරව බදු අභියාචනා කොමිෂන් සභාවෙහි ද කටයුතු කරමින් සිටී.

ඒ අනුව ඒ මහත්මියට එකවැර මානව හිමිකම් කොමිසමෙහිත් බදු අභියාචනා කොමිසමෙහිත් යන දෙකේම සේවය කළ නොහැකිය යන පදනම මත ඒ මහත්මියව මානව හිමිකම් කොමිසමෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණකරුවන් කටයුතු කරමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...