*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

පාස්කු ප්‍රහාරය – මෛත්‍රීට නඩු පවරා නැත්තේ තවත් රහස් එළියට එයි කියන බය නිසාද?

2019 ජනාධිපතිවරණයේදී රටේ ආරක්ෂාව සහතික කරන බවට පොරොන්දු වූ එක් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය සහතික කිරීම සදහා රට තුළ කැළඹිලි ඇති කිරීම පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන ජනාධිපති කොමිසමේ නිගමන බවට පත්ව තිබෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළහ.

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට වසර තුනක් සපිරෙන අද (21) දිනයේදී එදින පළමු බෝම්බ ප්‍රහාරය එල්ල වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙවි මැදුරේදී පැවති විශේෂ වැඩසටහනකට සහභාගී වෙමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.

සහරාන් සහ එම පිරිසේ හිංසාකාරී ත්‍රස්ත ක්‍රියාවන් ගැන දැනුවත්ව ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගිය නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කර ඔවුන් හිර භාරයට ගෙන තම තමන් ආරක්ෂා වීම සඳහා රහසිගතව ලිපියක් නිලධාරීන් අතර බෙදා ගැනීම ඉතා පිළිකුල් සහගතව හුවා දක්වන බවද එම කොමිසමේ වාර්තාව පෙන්වා දී ඇතැයි කාදිනල් හිමියෝ සඳහන් කළහ.

”2019 නොවැම්බර් මස පවත්වන ලද ජනාධිපතිවරණයේදී රටේ ආරක්ෂාව සහතික කරන බවට පොරොන්දු වන අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා රට තුළ කැළඹිලි ඇතිකර ජනතාව එකිනෙකා කෙරෙහි බිය ගැන්වීමත් ඒ තුළින් එක් අපේක්ෂකයෙකුට වැඩි වාසියක් අත්පත් කර දීමට මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳ ලැබුණු තොරතුරු එවකට බලයේ සිටි ජනාධිපතිතුමා මෙන්ම බුද්ධි අංශ හා පොලීසිය හිතාමතාම ජනතාවගෙන් සඟවා ප්‍රහාරය වැලැක්වීමට දරන ලද සියලු උත්සාහයක පරදවා වෙන්න යන දේ ගැන දැන දැනත් එය සිදුවීමට ඉඩ දෙමින් ජාතීන් කොටවමින් එක් පාර්ශවයකට බලය අත්කර දීමට බුද්ධි අංශ හා පාලකයන් කටයුතු කළෝය යන අදහස් මේ වචන තුළ ගැබ්ව තිබෙනවා. වනාතවිල්ලුවේ අවි ගබඩාව ගැන කලින් දැනගන්නටත් සහරාන්ගේ සහ එම පිරිසගේ හිංසනකාරී ත්‍රස්ත නැඹුරුව ගැන දැනගන්නට ලැබුණුත් එම කණ්ඩායම අත්අඩංගුවට ගන්නට ඉඩ නොදී අත්අඩංගුවට ගැනීමට ගිය නිලධාරීන් බොරු චෝදනා මත හිරභාරයට ගෙන එය වළක්වා ප්‍රහාරයට හසු වීමෙන් තමන් පමණක් ආරක්ෂා වීමට රහසිගත ලිපියක් මගින් නිලධාරීන් තම තමන් අතරේ ආරක්ෂාව සලසා ගත් අයුරුත් ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබූවන් ගැන කිසිදු තැකීමක් නොකළ අයුරු ඉතාම පිළිකුල් සහගත ලෙස මෙහිදී හුවාදැක්විය යුතුයි.” යනුවෙන් එහිදී කාදිනල් හිමියෝ කියා සිටියහ.

සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්න ලෙස ඇතැම් නිලධාරීන් එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියදී ”එහා මෙහා යන නයි රෙද්ද අස්සේ දාගන්න එපා” කියමින් එම අදහසට එකඟ නොවීම ගඳ ජනාධිපති කොමිෂන් වර්ටහවේ සඳහන් වන බවයි කාදිනල් හිමි පැවසුවේ.

”සිරිසේන මහතාගේ මෙම හැසිරීම බරපතල ලෙස වගකීම් පැහැර හැරීමක් බවත් එය සිවිල් නොසැලකිලිමත්කමක් ඉක්මවා යන පැහැර හැරීමක් බවත් කොමිෂන් සභා වාර්තාව සඳහන් කර ඇත. මේ ක්‍රියාවන් හා අතපසු කිරීම් සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සාපරාධී වරදක් ඇති බවත් ඒ නිසා දණ්ඩ නීති සංග්‍රහයේ සිදුසු විධිවිධාන යටතේ ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු කළ යුතු බවත් කොමිෂන් සභා වාර්තාව සඳහන් කළත් ඒ ගැන නීතිපතිතුමාවත් රජයවත් කටයුතු නොකිරීම අපට කිසිසේත් තේරුම් ගත නොහැකියි. එසේ නම් වත්මන් රජය හිටපු ජනාධිපතිතුමන් ආරක්ෂා කරන්නේ රජයට සම්බන්ධ උසස අය හරහා පාස්කු ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් හෙළිදරව් වේය යන බිය නිසා දැයි මේ රටේ පොදු ජනතාව තුළ හා අප තුළ බරපතල සැකයක් මතු වී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාට පමණක් නොව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හිටපු බුද්ධි සේවා අධ්‍යක්ෂක නියෝජ්‍ය පොල්ස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු උසස් නිලධාරීන් බෝහෝ දෙනෙකුට එරෙහිව ජනාධිපති කොමිසම සාපරාධී වගකීම් පැහැර හැරීමක් හා වරදක් ඔවුන් තුළින් සිදු වූ නිසා ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙස දක්වා ඇති නිර්දේශ වසර ගණනාවක් ගියද ක්‍රියාත්මක කිරීමට නීතිපති දෙපාර්තම්නේතුව මෙන්ම රජයද කටයුතු නොකිරීම ඔවුන්ගෙන් මෙම ප්‍රහාරය පිළිබන සැඟවුණු තොරතුරු ද එළිදරව් වේය යන බියක් නිසා ඊය හැකි යැයිද සිටිනවා.”’යනුවෙන් කාදිනල් හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan