ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශුද්ධ වූ ආත්මය ස්වර්ගස්ථ වෙති!

Date:

සටහන – පුලී
අප්‍රේල් 21, කොළඹ (LNW):
කතෝලික පල්ලිය යන සංකල්පය මනාව හැඩගැස්වීමට ගත් ප්‍රයත්නය සහ දුප්පතුන් වෙනුවෙන් හඬක් නැඟූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපවත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අපවත් වනවිට උන් වහන්සේ 88 වන වියේ පසුවූ බව වතිකානුව නිවේදනය කර ඇත.

සඳුදා(අද) උදෑසන පාප් වහන්සේගේ අභාවය වතිකානු කැමරලෙන්ගෝ කාදිනල් කෙවින් ෆැරල් විසින් නිවේදනය කරන ලදී.

“ආදරණීය සහෝදර සහෝදරියනි, අපගේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පියතුමාගේ අභාවය පිළිබඳව මම දැඩි ශෝකය ප්‍රකාශ කළ යුතුයි,” කැමරලෙන්ගෝ වෙතින් නිකුත් කළ නිවේදනයක මෙලෙස දැක්වීය.

ඔහුගේ මුළු ජීවිතයම ස්වාමින් වහන්සේට සහ උන්වහන්සේගේ පල්ලියට සේවය කිරීම සඳහා කැප කරන ලදී’ වැඩිදුරටත් එහි සඳහන් කෙරිණි.

2013 දී පළමු ලතින් ඇමරිකානු පාප් වහන්සේ බවට පත් වූ සහ ඉතිහාසයේ වයස්ගතම පාප් වහන්සේලාගෙන් කෙනෙකු වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මරණයට හේතු සාධක වූයේ නියුමෝනියා රෝගය යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...