ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශුද්ධ වූ ආත්මය ස්වර්ගස්ථ වෙති!

සටහන – පුලී
අප්‍රේල් 21, කොළඹ (LNW):
කතෝලික පල්ලිය යන සංකල්පය මනාව හැඩගැස්වීමට ගත් ප්‍රයත්නය සහ දුප්පතුන් වෙනුවෙන් හඬක් නැඟූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපවත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අපවත් වනවිට උන් වහන්සේ 88 වන වියේ පසුවූ බව වතිකානුව නිවේදනය කර ඇත.

සඳුදා(අද) උදෑසන පාප් වහන්සේගේ අභාවය වතිකානු කැමරලෙන්ගෝ කාදිනල් කෙවින් ෆැරල් විසින් නිවේදනය කරන ලදී.

“ආදරණීය සහෝදර සහෝදරියනි, අපගේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පියතුමාගේ අභාවය පිළිබඳව මම දැඩි ශෝකය ප්‍රකාශ කළ යුතුයි,” කැමරලෙන්ගෝ වෙතින් නිකුත් කළ නිවේදනයක මෙලෙස දැක්වීය.

ඔහුගේ මුළු ජීවිතයම ස්වාමින් වහන්සේට සහ උන්වහන්සේගේ පල්ලියට සේවය කිරීම සඳහා කැප කරන ලදී’ වැඩිදුරටත් එහි සඳහන් කෙරිණි.

2013 දී පළමු ලතින් ඇමරිකානු පාප් වහන්සේ බවට පත් වූ සහ ඉතිහාසයේ වයස්ගතම පාප් වහන්සේලාගෙන් කෙනෙකු වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මරණයට හේතු සාධක වූයේ නියුමෝනියා රෝගය යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...