චාමර සම්පත් යළි රිමාන්ඩ්!

කොළඹ LNW:බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා ලබන 05 වැනිදා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහ නියෝග කර තිබේ.

ඌව පළාත් මහ ඇමති ලෙස කටයුතු කල කාලසීමාවේ පළාත් සභා ලිපි ශීර්ෂය යොදාගනිමින් පෙර පාසල් සඳහා රුපියල් මිලියනයක මුදල් එක්රැස් කර, එය තමාගේ නමින් චෙක්පතකින් ලබාගත් බව කියන චෝදනාවට අදාළ පසුගිය අප්‍රේල් 07 වන දා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහු අද (21) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ආශිකා බ්‍රාහ්මණ