පාස්කු නඩුවලින් බේරෙන්න මෛත්‍රීපාල ශ්‍රීලනිපය වික්කා – දුමින්දගෙන් චෝදනා !

Date:

රටේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා මෙවැනි මොහොතක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සම්බන්ධ වීම ගැටලු සහගත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

“විජේදාස රාජපක්ෂ කොහොමද වැඩබලන සභාපති වෙන්නෙ ? විජේදාස රාජපක්ෂ මේ පක්ෂයේ සාමාජිකයෙක්ද ?”

මාධ්‍යවේදීන් – මාසයක් ඇතුළත සාමාජිකත්වය ගත්තා කියලා තමයි අද කිව්වෙ …

“නෑ ඉතිං හොරෙන් ගත්ත එකක් වෙන්න ඇති. නැත්නම් ඉතිං විජේදාස රාජපක්ෂ මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් එක්ක හිටගන්න කලින් කවද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරලා තියෙන්නෙ ? දැන් අවුරුදු ගාණකට ආපස්සට බලන්න. අවුරුදු පහයි පාස්කු ප්‍රහාරයට. මං හිතන්නෙ නඩු ටිකෙන් බේරෙන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ පක්ෂය වික්කා. අපේ රටේ අධිකරණ ඇමතිවරයා මේ වගේ පුද්ගලයෙක් එක්ක මේ වගේ වෙලාවක සම්බන්ධ වීම පිළිබඳ අපට ගැටලුවක් තියෙනවා.

දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (21) කොළඹ ශ්‍රීලනිප මූලස්ථානයට ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...