*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

තැනෙකින් ලිහී තැනකට බැඳෙන ගාබ්රිනී මුරුගුසා

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 22, කොළඹ (LNW):  දැනෙන කම්මැලිකම මකා ගන්නට ඇයට අවශ්‍යය විය.ඇමෙරිකා එක්සත් ජනපද වීවෘත ටෙනිස් තරගාවලිය අතරතුර දැණුන මේ කම්මැලිකම මකා ගන්නට ඇය නිව්යෝක් හී මධ්‍යම උද්‍යානය හරහා ඇවිඳ යන්නට තීරණය කළාය.ඒ වන විටත් ලොව පුරා ටෙනිස් ලෝලීන්ගේ රස මතක අතර හිමිකමක් වූ ඇය එසේ ඇවිද යන මඟ දිගේ හමුවන රසිකයන් සමඟ සෙල්ෆි ඡායාරූප සඳහා ද පෙනී උන්නාය.
එහිදී එක්වරම මතුව සෙල්ෆි ගැනීම සඳහා ඉදිරිපත් වන තරුණයෙක් ඇයට එක්සත් ජනපද තරගාවලිය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් සෙල්ෆි ඡායාරූප සඳහා පෙනී සිටියේය.ආතර් බෝජර්ස් නම් වූ එම තරුණ රසිකයාගේ ජංගම දුරකතනයේ මතක ගබඩාවේ එම ඡායාරූපය තැන්පත් වෙනවාට වඩා බරපතල අයුරෙන් ටෙනිස් සූරිය ගාර්බිනී මුරුගුසාගේ හදවතේ රොජර්ස්ගේ කඩවසම් රුව තැන්පත් විය.2021 ගත් මේ සෙල්ෆි ඡායාරූපය කොපමණ දුරකට ඇයගේ ජීවිතයට බලපෑම් කරේ ද යන්න 2023 දී ඇය ප්‍රකාශ කළේ දුටු සැණින් තම සිත් වසඟයට ගත් ඔහු සමඟ විවාහ ගිවිස ගන්නා මොහොතේය.


ඒ ප්‍රකාශයෙන් ඉනික්බිති ඇය මේ මොහොතේ 30 හැවිරිදි වියේදීම නිතර ආබාධ සමඟ ගෙවුණු ක්‍රීඩා ජීවිතයෙන් නික්ම යන්නට තීරණය කර ඇත.මහා සෙනඟ මැද නිතර ගැවසුණු ඒ කාර්ය බහුල ජනාකීර්ණ අත්දැකීමේ සතුටු බිමෙන් ඇය නික්මෙන්නේ එදා සෙල්ෆි ගත් රොජර් ගේ තුරුළේ දී ඉදිරි කාලයේ දී එම ආනන්දය ආදරය සහ රැකවරණය තුළින් ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙන්ය.


කළක් ලොව අංක එකට පැමිණ සිටි ගාර්බිනි විම්බල්ඩන් ටෙනිස් සූරියක මෙන්ම ප්‍රංශ විවෘත ටෙනිස් සූරතාවය ද දිනූ ක්‍රීඩිකාවක්ය.වීශේෂයෙන් ඇය 2017 වසරේ විම්බල්ඩන් සූරිය වන්නට යන ගමණේ දී සෙරීනා සහ වීනස් සොහොයුරියන් දෙපළම පරාජය කිරීම ඒ අතරින් කැපී පෙණින.


අවුරුදු 03 දී පමණ ටෙනිස් පිත්ත අතට ගත් ඇය උපන් දේශය වන වෙනිසියුලාවෙන් ස්පාඤ්ඤය දක්වා එන්නේ ක්‍රීඩාවේ පෝෂණය අපේක්ෂාවෙන් මෙන්ම සිය පිය උරුමයට ය.මන වෙනසියුලාවේ වුව ද පියා ස්පාඤ්ඤ ජාතිකයෙක් වූ බැවින් එරටට පැමිණ වෘත්තීය ටෙනිස් පිටියට පිවිසෙන විට ඇය ගේ ඉදිරි ගමන ගැන කී බොහෝ අනාවැකි පිස්සුවෙන් කියන ඒවා දැයි සිතෙන තරමට ඇය ද ඇයගේ දක්ෂතාවය ගැන විශ්වාස නොකළාය.එහෙත් කිසිවිටෙක ඇය පරාජය අපේක්ෂාවෙන් තරග නොකළාය.වේගයත්,ශක්තියත් රැඳුණු පහර සමඟ ආක්‍රමණශීලීව පිටියේදී හැසිරෙන ගාර්බිනි විශ්‍රාම ජීවිතයෙන් ඉනික්බිති රොජර්ස්ගේ ආදරය සමඟ සතුටෙන් රැඳෙනවාත් සමඟය වෙනත් ආකාරයකින් ටෙනිස් ක්‍රීඩාව හරහා ද සිය ජීවිතය පෙරට ගෙන යන්නට කල්පනා කර ඇත.
“Loreus Sport for Good සමග මගේ සහයෝගීතාවය තවත් බොහෝ ව්‍යාපෘතිවල ආරම්භය වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි, එහිදී මට කැපවී ක්‍රීඩාව තුළින් තරුණයින්ට උපකාර කළ හැකිය.”
ඇය ඇඟේ අලුත් සම්බන්ධතාවය සමඟ නිතර ක්‍රියාශීලීව ක්‍රීඩාශීලීව සිටිනු ඇත.ඇය ලෝකයම ඇයව දැනගත ටෙනිස් ක්‍රීඩාවට BYE කියමින් ඒ දැන හැදුණුම්කම් මැද්දේ හමු වී ඇයට HI කී නාඳුනන තරුණයා ජීවිතයේ සමීපතම ආදරය බවට පෙරළාගෙන ඇත.ඇය ටෙනිස් පිටිය තුළ රැඳ වූ මතක අතර සිට ලෝකයම ඇයට විශ්‍රාම යාමටත්,ආරම්භ කරන්න අපේක්ෂිත ප්‍රේමණිය අනාගත ජීවිතයටත් සුබ පතනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan