යුරෝපය උෂ්ණත්වය වාර්තාගත ඉහළ මට්ටකට තල්ලු වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 22,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): විද්‍යාඥයන් කිසිදා දැක නොමැති අතිශය තාප පීඩන දින කිහිපයක් යුරෝපයට බලපෑ බව යුරෝපා සංගමයේ පෘථිවි නිරීක්ෂණ සේවාව වන කොපර්නිකස් සහ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO)නිවේදනය කර තිබේ.

මේ වන විට යුරෝපීයයන් දිවා කාලයේ පෙර නොවූ විරූ උණුසුමකින් පීඩා විඳින අතර රාත්‍රියේදී අපහසු උණුසුමකින් පීඩා විඳියි. දශක දෙකක කාලය තුළ යුරෝපයේ උණුසුම හේතුවෙන් ඇතිවන මරණ අනුපාතය 30% කින් ඉහළ ගොස් තිබෙන බව වාර්තා කෙරේ.

2023 වසරේ උණුසුම්ම මාසය ලෙස සැප්තැම්බරය වාර්තාගත වීමත් සමඟ එතැන් සිට අසාමාන්‍ය ලෙස යුරෝපය පුරා තාප තරංග වර්ධනය විය. උණුසුම් හා වියලි කාලගුණය ගම්මාන විනාශ කළ අතර විශාල ලැව් ගිනි අවුලුවා ලීමට සමත් විය. පෘතුගාලය, ස්පාඤ්ඤය සහ ඉතාලිය වැනි නියඟයෙන් පීඩා විඳි අතර හෙක්ටයාර 96,000 ක භූමි ප්‍රමාණයක් දැවී ගිය යුරෝපා සංගමයේ වාර්තා වූ විශාලතම ලැව්ගින්න ග්‍රීසියට බලපෑවේය.

ඒ හා සමානව අධික වර්ෂාව නිසා මාරාන්තික ගංවතුර ද ලෝකය පුරා ඇති වී විශාල වශයෙන් ජිවිත හා දේපල හානි ද ඇති විය. විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ තත්වය තවදුරටත් භයානක විය හැකි බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...