අනිද්දා (24) දින ඉරාන ජනාධිපති දිවයිනට!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 22, කොළඹ (LNW):අනිද්දා (24) දින ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.

ඉරාන ජනාධිපතිවරයාගෙ පාකිස්ථානයේ සංචාරයකින් අනතුරුව ශ්‍රී ලංකා සංචාරය සිදුකෙරෙනු ඇති බව එම වාර්තාවල දැක්වෙන අතර, ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරය කරන දිනය මෙතෙක් තහවුරු කර නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටී.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සඳහා පැමිණෙන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කල ආරාධනය ඉරාන ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව එම අමාත්‍යාංශය පැවසුවේය,

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අනිද්දා ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇති අතර,   2011 වසරේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ වැඩකටයුතු ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ  ආරම්භ කෙරුණි. පසුව මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන ද ඊට යෙදවූයේ ඉරානයට බලපෑ සම්බාධක හේතුවෙනි,

නිල සංචාරයක් සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද පාකිස්ථානයට පැමිණෙන අතර, ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් මීට පෙර විවිධ වාර්තා පල වුවද, පකිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සංචාරය පිළිබඳ තොරතුරු තහවුරු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...