මාලදිවයින් මහා මැතිවරණයෙන් Mohamed Muizzuගේ පක්ෂය ජය ගනී!

0
686

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 22 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඊයේ (21) පැවති මාලදිවයින් මහා මැතිවරණයෙන් ජනතාවට දැනෙන ආකාරයේ ජයග්‍රහණයක් අත්කරගැනීමට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මැතිවරණය පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ ආසන 93ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීමේ අරමුණින් වන අතර, අපේක්ෂිකාවන් 42 දෙදෙනෙක් ඇතුළු අපේක්ෂකයින් 368 දෙනෙක් ඉදිරිපත්ව සිටි බව සඳහන් වේ.

මැතිවරණය සඳහා ඡන්දය භාවිතයට සුදුසුකම් ලබා ඇති පිරිස 280,000ක් පමණ බව එරට මාධ්‍ය වාර්තා කරයි.