ගෝවා හි NATPOLREX VIII සඳහා SLGC සුරක්ෂා නෞකාව සහභාගී වේ

Date:

ජාතික මට්ටමේ දූෂණ ප්‍රතිචාරය සඳහා සූදානම් වෙමින් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය 2022 අප්‍රේල් 19-21 දක්වා ගෝවා හි දි NATPOLREX VIII අභ්‍යාසය පවත්වනු ලබයි. කලාපයේ වෙනත් රටවල නෞකාවන් සහ පාර්ශවකරුවන් රැසක් මෙම අභ්‍යාසයට සහභාගී වේ.

2.        සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් වන ඒකාබද්ධ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමේ අරමුණින්  බහුපාර්ශවික ප්‍රයත්නයන් හරහා කලාපීය එකමුතුබව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ සුරක්ෂා නෞකාව මෙම දූෂණ ප්‍රතිචාර අභ්‍යාසය සඳහා සහභාගී වේ.

3.        ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට විශාල තර්ජනයක් එක් කළ MT නිව් ඩයමන්ඩ් සහ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හා සම්බන්ධ සිදුවීම් පිළිබඳව සැලකීමේදී SLGC  සුරක්ෂා නෞකාව මෙම අභ්‍යාසය සඳහා සහභාගී වීම ඉතා වැදගත් කොට සැලකිය හැකිය. ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා සහ වෙරළරාක්ෂක බලකායන් විසින් කඩිනමින් සිදු කරන ලද ඒකාබද්ධ ප්‍රයත්නයන් හේතුවෙන් මෙම විශාල ව්‍යසනයන් වළක්වා ගැනීමට හැකි විය.

4.        2021 වසරේදී කොවිඩ්-19 එන්නත්, ද්‍රව වෛද්‍ය ඔක්සිජන් සහ නැනෝ නයිට්‍රජන් පොහොර සැපයීම යනාදිය ඇතුළත්ව ඉන්දියාව අවස්ථා රැසකදී ශ්‍රී ලංකාවට “පළමු ප්‍රතිචාරකයා” වශයෙන් සහයෝගය ලබා දී ඇත. එසේම, කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (SAGAR) යන දැක්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු මිත්‍ර රටවල් සමඟ වටිනා අත්දැකීම් බෙදා හදා ගනිමින්  ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අන්තර්-ආයතන සම්බන්ධීකරණය සහ සූදානම තවත් ඉහළ නැංවීම සඳහා ඉන්දියාව NATPOLREX වැනි ධාරිතා සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් සක්‍රීයව කටයුතු කරයි.

***

කොළඹ

2022 අප්‍රේල් 19

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...