SSP කීර්තිරත්න අත්අඩංගුවට ගන්න සාක්ෂි ප්‍රමාණවත් – CIDය ජනපතිට දැනුම් දෙයි !

Date:

කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව ආරංචිමාර්ග පවසයි.

අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා වෙඩිතැබීමට නියෝග කර තිබුණේ SSP කීර්තිරත්න විසින් වන අතර එම වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු මරුමුවට පත්ව තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. බරපතළ නොවන මට්ටමේ තුවාල ලැබූ පිරිස ද 20 ඉක්මවා ඇත.

ඒ අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ලැබුණු ඇසින් දුටු සාක්ෂි සහ වීඩියෝ සාක්ෂි අනුව මෙම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාව අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එසේම කීර්තිරත්න ඇතුළු තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදුන්නා විනා මෙම පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වනතෙක්ම කිසිදු පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකිරීම ද ජනතාවගේ දැඩි විවේචනයට හේතුවී තිබේ. විශේෂයෙන්ම මෙකී SSP කීර්තිරත්න යනු මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ සමීප ඥාති සහෝදරයෙකු වීම තුළ රටේ දැනට පවතින රාජපක්ෂ විරෝධය තවත් වටයකින් උත්සන්න වීමට ද මෙය බලපා තිබේ.

එමෙන්ම විරෝධතාකරුවන්ට වෙඩිතැබීමේ මෙම සිදුවීම ජාත්‍යන්තරයේ ද දැඩි අවධානයට ලක්ව ඇති අතර මීට එරෙහිව ජාත්‍යන්තරයෙන් රජයට දැඩි බලපෑමක් ද එල්ල වෙමින් පවතී. බරපතළ ඩොලර් අර්බුදයකට මෙන්ම ඉදිරියේදී පැමිණීමට නියමිත ආහාර හිඟයක අවදානමට ද ලක්ව ඇති ශ්‍රී ලංකා රජය, සියල්ල පසෙක තබා මේ පොලිස් නිලධාරීන් බේරාගැනීමට තැත් කළහොත් ඊළඟ මොහොතේ රටට අත්‍යාවශ්‍ය වන ජාත්‍යන්තර මානුෂීය ආධාර මෙරටට නොලැබීමේ අවදානමක් ද උද්ගත වෙමින් තිබෙන බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/04/21/14433/
http://139.59.240.222/04/21/14398/
http://139.59.240.222/04/21/14364/
http://139.59.240.222/04/20/14334/
http://139.59.240.222/04/20/14253/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...