*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

අපේ පවුලේ අයට අයුතු ධනය තියෙනවා නම් හොයලා නඩු දාන්න – නාමල්ගෙන් අභියෝගයක් (VIDEO)

තමන්ට හෝ තම පවුලේ සාමාජිකයින්ට ලෝකයේ කවර හෝ රටක අයුතු ලෙස රැස් කළ ධනයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් නඩු පවරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට අභියෝග කරයි.

2015 – 2019 කාලසීමාව තුළ ද තමන්ට සහ තම පවුලට මෙසේ චෝදනා එල්ල කර, තමන්ව සිරගත කර, නඩු පැවරීමට පවා එවකට පැවති රජය කටයුතු කළ නමුත් එම චෝදනා සියල්ල අසත්‍ය බැවින් අධිකරණය විසින්ම තමන්ව නිදොස්කොට නිදහස් කළ බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව එම අසත්‍ය චෝදනා නැවත නැවතත් පාර්ලිමේන්තුව තුළ තමන් වෙත එල්ල කිරීම අසාධාරණ බව පැවසූ ඒ මහතා මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් පාර්ලිමේන්තුව තුළ තමන්ට අපහාස නොකර ලෝකයේ කොහේ හෝ තැනක තමන් සැඟවූ ධනය ඇත්නම් සොයාගෙන නඩු පවරන ලෙසත් ඊට මුහුණ දීමට තමන් සූදානම් බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එසේම මෑතක සිට තමන්ට එල්ලවෙන බිට්කොයින් චෝදනාව ද පෙර චෝදනා මෙන්ම අසත්‍ය බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan