පාස්කු අසිනි වැහි

Date:

කොහෙන් මේ අසිනි වැහි, ඉරිතැලී ව ද ආහෝ විශ්වාසෙ
ගලා යන වලාකුළු පිපිරිලා නම් නෙමෙයි ආකාසෙ
නිම්වළල්ලට එහා දුක් සුසුම් නො මැති පාරාදීසෙ
නෙත් කෙවෙණි පිපිරිලා මැවුම්කරු අඬනවද ‍හොර රහසෙ

වහින වැහි මොනතරම් දුක්බරද තෙත්බරද සන්තානෙ
පින්තූරෙකින් පවා ඇහෙන හැටි අකුණු සැර නින්නාදෙ
කඳුළු බිඳු එකතු වී ගොල්ගොතාවෙන් මැවුණු ගංගාවෙ
සුළි නැඟෙන තැන කො තැන, දුක උහුලගනු නො හෙන ලංකාවෙ

-මංජුල වෙඩිවර්ධන
2022 අප්‍රේල් 22

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...