අලි සබ්‍රි නිසා ජැනට් යෙලන්ටත් රස්සාව නැතිවෙයිද ?

Date:

මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ඊයේ (21) දිනයේදී ඇමරිකාවේ වොෂින්ටන් නුවර සිට ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් මාධ්‍ය ආයතනයට අපූරු සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබිණි.

එහිදී ඒ මහතා පවසන්නේ තමන් ඩොලරය පා කළ බවකි. (We have floated the Dollar) යම් රටක මුදල් අමාත්‍යවරයෙකු තමන්ගේ රටේ මුදල් ඒකකය පා කිරීම පිළිගත හැකි දෙයකි. එහෙත් ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා ඇමරිකානු ඩොලරය පා කළේ කෙසේද යන්න විස්මිත කරුණකි. සමහර විට අලි සබ්‍රි මහතා මුදල් අමාත්‍යාංශයේ සිය කාර්යාලයෙහි සිටින මොහොතක නිලධාරියෙකු ලවා ඩොලර් නෝට්ටුවක් ගෙන්වාගෙන විදුලි පංකාවකට අල්ලා පා කළාදැයි අප දන්නේ නැත. එසේ වුවත් එය බ්ලූම්බර්ග් වැනි ආයතනයකට කිවයුතු තරම් දෙයක් වන්නට බැරිය.

එසේ නම් අපට සිතන්නට වන්නේ ශ්‍රී ලංකාවේ සිට පසුගිය 18 වැනිදා ඇමරිකාව බලා පැමිණි මොහොමඩ් අලි සබ්‍රි මහතා දින දෙකක් තුළ එරට මුදල් ඒකකයත් පා කරන්නට සමත්ව ඇති බවකි. කුමක් හෝ අධිකරණයක විනිසුරු මඬුල්ලක් හමුවේ කුමක් හෝ දහං ගැටයක් දමා සිය සේවාදායකයාට ගැලවිජ්ජාව ලබාදෙන තවත් එක් නීතීඥයෙකු වශයෙන් අප අලි සබ්‍රි මහතා ගැන සිතා සිටියා වැරදිය. ඇත්තෙන්ම ඔහු “විශ්වය පුරා විහිදී යා යුතු” මට්ටමේ කීර්ති රාවයක් සහිත පුද්ගලයෙකු විය යුතුය.

කෙසේවෙතත් අපට ඇති ප්‍රශ්නය වන්නේ අලි සබ්‍රි මහතා ඇමරිකාවේ මුදල් ඒකකයත් පා කරන්නට ගත්විට එරට මහාභාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මියටත් රැකියාව නැතිවෙයිද කියාය …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...