දළදා වදින සැදැහැවතුන්ට ලැබෙන පොදු පහසුකම් ගැන දිස්ත්‍රික් ලේකම්ගේ නිරීක්ෂණයට!

Date:

කොළඹ LNW:දළදා වන්දනාව සඳහා මහනුවර පැමිණ ප්‍රවේශ මාර්ග තුළ රැදී සිටින සැදැහැවතුන්ගේ පොදු පහසුකම් සම්බන්ධයෙන් අද (22) මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

මහනුවර කටුගස්තොට මාර්ගයේ එක් ප්‍රවේශ මාර්ගයක් ද මහනුවර වැව රවුම් මාර්ගයේ අවන්හල දෙසින් එක් මාර්ගයක් ද මහනුවර සංඝරාජ මාවතේ තවත් මාර්ගයක් ද වශයෙන් ප්‍රවේශ මාර්ග තුනක් ක්‍රියාත්මකය.

එහි රාත්‍රී ගත කරන සැදැහැවතුන් සඳහා ලබා දෙන ආහාර, වෛද්‍ය හා සනීපාරක්ෂක පහසුකම් ආදිය දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක්විය.

ප්‍රවේශ මාර්ගවල රැදී සිටින සැදැහැවතුන් සඳහා ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහ නගර සභාව, සිව් මහා දේවලා ඇතුලු ආයතන ගණනාවක උපකාර හිමිවන බවත් ඒ සියල්ල රජයේ නිසි අධීක්ෂණයට ලක්වන බව ද ඒ මහතා පැවසුවේය.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීම ආහාර ලබාදීම් ඇතුලු පහසුකම් රැසක් මේ වන විට සම්පාදනය කොට ඇති බවත් අවස්ථා කිහිපයකදී අධීක්ෂණය කිරීමෙන් අනතුරුව අවශ්‍ය අමතර පහසුකම් සැපයීම සිදු කරන බව ද දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා එම නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පැවසුවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇය වෙනුවෙන් එය කරන්න..TLC ට්‍රයැත්ලෝත් 2025

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : පියයුරු පිළිකාවට එරෙහිව...

විජේරාමයේ සිටිය ද, තංගල්ලෙ සිටිය ද මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි – ගමට ගිය හිටපු ජනපති තැබූ සටහන!

කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනතට අනුව ඊයේ (11)...

ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය!

කොළඹ LNW: ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය එළඹෙන 14...

Kandy Breeze Night Fest හෙට(13) සිට නව මුහුණුවරකින්….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : මහනුවර නගරය වෙත...