ජනාධිපතිතුමා අවුරුදු සුබපැතුම් SMS එක නවත්තලා ලක්ෂ 980ක් ඉතුරු කළා. ඒකම ලොකු ජයග්‍රහණයක් – කොට්ටහච්චි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මීට පෙර ජනාධිපතිවරුන් අලුත් අවුරුද්දට සුබපතමින් ජනතාවගේ ජංගම දුරකථනවලට කෙටි පණිවිඩ එවූවත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එවන් කෙටි පණිවිඩයක් නොඑවීම තුළින් රුපියල් ලක්ෂ 980ක් රටට ඉතිරි කළ බවත් එම ජාතික ජන බලවේගය ලැබූ ජයග්‍රහණයක් බවත් ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි පවසයි.

“අපි අපේ රටේ නායකත්වයට අපේ එකෙක් පත්කරලා යැව්වා. ඔහු කොච්චර වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවාද කියන එක ලැයිස්තුවක් කියන්න පුළුවන් වුණත් මං හිතනවා ලැයිස්තුවක් කියන්න අවශ්‍ය වෙන්නෙ නෑ. හැබැයි එකම එක කතාවක් විතරක් කියනවා. මේ අලුත් අවුරුද්දටත් අපට ෆෝන් එකට එන අවුරුදු සුබපැතුම් එක්ක බලනකොට ජනාධිපතිතුමාගෙනුත් අපට සුබපැතුම් පණිවිඩයක් එන්න තිබුණා. හැබැයි මේ අවුරුද්දේ ඒක ආවෙ නෑ. ඒ සුබපැතුම් පණිවිඩය ආවෙ නෑ කියලා රටට ප්‍රශ්නයක් වුණෙත් නෑ, අපට ප්‍රශ්නයක් වුණෙත් නෑ. හැබැයි විශාල මුදල ඉතුරු වුණා කියන එක විතරක් කියන්න ඕනෙ. පහුගිය අවුරුද්දෙ විතරක් මේ SMS එකට රුපියල් ලක්ෂ 980ක් වියදම් වෙලා තියෙනවා. අපේ සල්ලි අරගෙන අපටම SMS ගහපු ඒ ක්‍රමය අපේ නායකයත්වයක් තුළින් වෙනස් කරලා තියෙන එකම අපි ලබපු ජයග්‍රහණයක් තමයි”

නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ පෙරේදා (අප්‍රේල් 20) කළුතර ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...