සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පළමු වරට පාර්ලිමේන්තුව රැස් වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 23, කොළඹ (LNW): හෙට (24) දිනයේ , සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් හෙට (24), අනිද්දා (25) සහ සිකුරාදා (26) යන දිනවල පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද, හෙට දිනයේ දී අපරාධ නඩු විධාන සංග්‍රසය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත බව පැවසේ,

හෙට (24) දිනයේ දී කැබිනට් මණ්ඩලය ද රැස්වීමට නියමිතව ඇති අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වන කැබිනට් මණ්ඩලය සඳහා අධිකරණ අමාත්‍යංශය විසින් නව කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.

එලෙස ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසෙන්නේ, අපරාධ ක්‍රියා මගින් උපයා ගත් දේපල රාජසන්තක කිරීම සඳහා නීති සකස් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව සහ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...