සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 23, කොළඹ (LNW): හෙට (24) දින 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර 2024.04.10 වන බදාදා අවසන් කරනු ලැබීය.