කොළඹ LNW:සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය අනිවාර්ය බවත් ඒ ආණ්ඩුවේ තමන්ද කැබ්නට් ඇමතිවරයෙක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.
තමන් පක්ෂ නායකයෙකු වන අතර කැබිනට් අමාත්‍යධූරයක අවශ්‍යතාව නැතත් තමන්ට එය හිමිවන බවයි ඔහු සඳහන් කළේ.
දැනටමත් තමන්ගේ මුහුණ දකින විට ඇමතිවරයෙක් ලෙස දිලිසෙමින් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා නේදැයි යන්න මනෝ ගනේෂන් මහතා මාධ්‍යවේදීන්ගෙන් ද විමසා තිබුණි.
ආශිකා බ්‍රාහ්මණ