*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා මහ බැංකුව හෙළි කළ පිරමීඩාකාර මූල්‍ය ආයතන හෙළිදරව්ව!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 23, කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙලි කර සිටියේ, පිරමීඩාකාර ව්‍යාපාරවල නිරත වන බවට හඳුනාගත් තවත් මූල්‍ය ආයතන අටක් ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබුණු පැමිණිලිවලට අනුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඇති අතර, එම විමර්ශන වාර්තා අනුව ආයතන අටක් බැංකු පනතේ 83(ඇ) වගන්තියට පටහැනි ලෙස ක්‍රියා කර ඇති බවට මහ බැංකුව තීරණය කර ඇති බව පවසයි.

එම ආයතන වන්නේ Beecoin App/Sunbrid Foundation, Fast Win (Pvt) Ltd, Fruugo Online App/ Fruugo Online (Pvt) Ltd, Genesis Business School/ Era Miracle (Pvt) Ltd, Isimaga International (Pvt) Ltd, Ledger Block, Qnet/Questnet සහ Ride to Three Freedom (Pvt) Ltd යන ආයතන වේ.

2023.08.24 දින පුවත්පත් මගින් පළකළ ආයතන 9ට අමතරව මහ බැංකුව විසින් මෙම නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කර තිබිණි. මෙම ආයතනවලට විරුද්ධව බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට සලකා බලනු පිණිස නීතිපති වෙත මහ බැංකුව ඉල්ලීම් යොමු කර ඇති බව සඳහන් වේ.

මහ බැංකුව පෙන්වා දෙන්නේ, 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තියේ විධි විධාන කඩ කරන ආකාරයේ යෝජනා ක්‍රම කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ආරම්භ කිරීම,අර්පනය කිරීම, ප්‍රවර්ධනය, ප්‍රචලිත කිරීම, පැවැත්වීම, මුදල් සැපයීම, කළමනාකරණය කිරීම හෝ විධාන කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan