*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

SSP කීර්තිරත්න ලබන සතියේදී අනිවාර්යයෙන්ම අත්අඩංගුවට …

අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩිතැබීමට නියෝග කර, එක් පුද්ගලයෙකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න ලබන සතියේදී අනිවාර්යයෙන්ම අත් අඩංගුවට ගැනෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ දක්වා සිදුකරන ලද විමර්ශන අනුව අදාළ සිද්ධියේදී එම නිශ්චිත මොහොතේ SSP කීර්තිරත්න ඊට මැදිහත් නොවූයේ නම් එම මහජන විරෝධතාවයේ උණුසුම තවත් පැය බාගයක පමණ කාලයක් තුළ පහව යාමට ද ඉඩ තිබුණේ යැයි අනාවරණය වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

විමර්ශන වලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව කතාව මෙසේය,

රඹුක්කන ප්‍රදේශයේ අදාළ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීම සඳහා ජනතාව අප්‍රේල් 17 වනදා සිටම පෝලිම් සැදී මඟබලා සිටිය ද ඔවුන්ට ඉන්ධන ලැබී නැත. අප්‍රේල් 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමුණු අතර 19 වනදා එම ඉන්ධන පිරවුම්හලට පැමිණි ඉන්ධන බවුසරය ඉන්ධන මිල වැඩිකිරීමට පෙර ගෙන්වාගෙන මගදී සඟවා තබාගෙන සිටි එකක් බවට කතාවක් ප්‍රදේශයේ පැතිරගොස් තිබී ඇත.

ඒ අනුව ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ එම ඉන්ධන බවුසරයේ ඇති ඉන්ධන නව මිලට නොව පැරණි මිලට ම ලබාදෙන ලෙසය. මේ සම්බන්ධයෙන් ජනතාව උද්ඝෝෂණයෙහි නියැළෙන අතරේ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා එම ස්ථානයට පැමිණ ඇති අතර ඔහු විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර ඔවුන්ට දැනුම් දී ඇත්තේ ඉන්ධන මිල සම්බන්ධ ප්‍රශ්නයක් විසඳාගත යුත්තේ ලංකා ඛනිජතෙල් සංස්ථාව සමග බැවින් එම ආයතනයේ නිලධාරීන් අමතා ජනතාවගේ ඉල්ලීම ඔවුන්ට දැනුම් දී ඔවුන්ගේ ප්‍රතිචාරය අනුව කටයුතු කළ හැකි බවකි.

ඉන්පසුව SSP කීර්තිරත්නටත් දුරකථනයෙන් එම තත්වය දැනුම් දී ඇති සහකාර පොලිස් අධිකාරීවරයා, තත්වය පාලනය කරගත හැකිවනු ඇති බවත් SSPවරයා එම ස්ථානයට පැමිණීම අනවශ්‍ය බවත් දැනුම් දී ඇති බව සඳහන්.

එසේ තමන්ගේ පැමිණීම අනවශ්‍ය බව සහකාර පොලිස් අධිකාරීවරයා දැනුම් දී තිබියදීත් පොලිස් යතුරුපැදියක් ගෙන්වාගෙන ඇති SSP කීර්තිරත්න හෙල්මට් එකකුත් පැළඳගෙන එම යතුරුපැදියෙන් විරෝධතාව අසලට පැමිණ ඇත.

ඉන් අනතුරුව විරෝධතාකරුවන් සමග ගැටුම්කාරී තත්වයක් ඇතිකරගත් SSPවරයා ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් සහ බැටන් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලිස් නිලධාරීන්ට නියෝග කර ඇති අතර කඳුළු ගෑස් ප්‍රහාරයෙන් කුපිත වූ ජනතාව පොලිසියට ගල්වලින් පහරදී තිබේ.

එහිදී එක් ගල් ප්‍රහාරයක් SSPවරයාගේ අතකට වැදී ඇති අතර එයින් දැඩි කෝපයට පත්වූ ඔහු විරෝධතාකරුවන්ට වෙඩිතබන ලෙස පොලිස් නිලධාරීන්ට නියෝග කර ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

මෙම සියලුම තොරතුරු පොලිස්පතිවරයාට සහ ජනාධිපතිවරයාට විමර්ශන නිලධාරීන් විසින් දැනුම් දී ඇති අතර මෙම සිද්ධිය කිසිසේත්ම අනුමත නොකරන ඔවුන් දෙදෙනාම ප්‍රකාශ කර ඇත්තේ SSPවරයා සම්බන්ධයෙන් අදාළ නීතිමය ක්‍රියා පටිපාටිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අධිකරණය ද දැනුවත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනෙනු ඇති අතර SSP කීර්තිරත්න අනිවාර්යයෙන්ම ලබන සතියේදී අත් අඩංගුවට පත්වනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/04/23/14573/
http://139.59.240.222/04/22/14473/
http://139.59.240.222/04/20/14253/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan