තේ අපනයනයත් පල්ලම් බහී. මාර්තු මාසයේ කිලෝ මිලියන 2.64ක අඩුවක්

0
467

2022 වසරේ මාර්තු මාසයේදී මෙරට තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 23.17ක් වූ අතර එය 2021 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 2.64කින් පහත වැටී ඇති බව තැරැව්කාර සමාගම් පවසයි.

එසේම 2022 වසරේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 63.7ක් අපනයනය කර ඇති අතර එය පසුගිය වසරේ එම මාස තුනට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 6.19ක පහළ වැටීමක් පෙන්නුම් කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් පසුගිය වසර තුළ තේ කර්මාන්තයට දැඩි බලපෑමක් සිදුව තිබේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here