රෂිකා හෙන්නායක
මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් මේ වන විට අගුණකොළපැලැස්ස ඇතුළු ආසන්නතම බන්ධනාගාරය වෙත මාරු කරමින් පවතින බව වාර්තා වේ.
ඒ, එම බන්ධනාගාරයේ ඊයේ හටගත් කලහකාරී තත්ත්වය සහ රැඳවියන්ගේ තදබදය හේතුවෙන් බවයි වාර්තා වවන්නේ .
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ , ඊයේ මධ්‍යම රාත්‍රියේ දෙවන වරටත් හටගත් කලහකාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි.
තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාරය පිටත ආරක්ෂාවට පොලිස් නිලධාරින් 150ක් පමණ සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් ද ඊයේ රාත්‍රියේ කැඳවා තිබුණි .
එහිදී කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් යළි වාට්ටු වෙත පලවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කිරීමක්ද සිදුව තිබුණි .
එම බන්ධනාගාරයේ හටගත් කලහකාරී තත්ත්වය සහ ඊට පිළියම් යෙදීම සඳහා බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් ද මාතර බන්ධනාගාරය වෙත ඊයේ රාත්‍රියේම පිටත්කර හැර තිබේ.
එම බන්ධනාගාරයේ රැඳවියන් කලහකාරී ලෙස හැසිරීමට හේතු වී ඇත්තේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින “මිදිගම බාල මාමා” නැමැත්තා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු වෙනත් බන්ධනාගාර තුනකට මාරුකර හැරීමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කිරීමත් සමඟ බව වාර්තා වේ.
