*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ශ‍්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් අතහිත

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා වී වගා ක්ෂේත‍්‍රයේ ඵලදායිතාව සහ තිරසාර බව ඉහළ නංවමින් නව වැඩපිළිවෙළක් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ යුරෝපා සංගමයේ සහයෝගයෙන් (22) දින නිල වශයෙන් දියත් කරන ලදී.

යුරෝපා සංගමයේ යූරෝ මිලියන 4ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.5ක්) අරමුදල් යටතේ ක‍්‍රියාත්මක වන මෙම වැඩසටහන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ශ‍්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ගරු ඩෙනිස් චයිබි සහ ශ‍්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් හම්බන්තොට බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානයේ දී ආරම්භ කෙරිණි.

මෑත කාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමකට ලක් වූ පොළොන්නරුව, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම, කුරුණෑගල සහ හම්බන්තොට යන දිස්ත‍්‍රික්ක ඇතුළු දිස්ත‍්‍රික්ක හතක සිටින සුළු පරිමාණයේ වී ගොවීන් 71,000 දෙනෙකු සහ බීජ වී වගාව සිදු කරන ගොවීන් 1,200 දෙනෙකු, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ මහවැලි අධිකාරියේ සහය ඇතිව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ක‍්‍රියාත්මක කරන මෙම වැඩසටහන හරහා ඉලක්ක කරගෙන ඇත.

මෙම වැඩසටහනේ ප‍්‍රතිලාභී ගොවීන් සඳහා ගොවි ක්ෂේත‍්‍ර පාසල් නිල වශයෙන් ආරම්භ කිරීම ද මෙහිදී සිදු වූ අතරි උත්සවය අතරතුර සිය අදහස් පළ කළ ශ‍්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ගරු ඩෙනිස් චයිබි මහතා,

”මෙම මුලපිරීම හරහා අපට අවශ්‍ය වන්නේ ගොවීන්ට වැඩි වැඩියෙන් වර්ධනය වීම සඳහා සහය වීම පමණක් නොව, විශේෂයෙන්ම ඔවුන්ගේ නිෂ්පාදනය සහ ආදායම වැඩි කිරීමට හැකි වන පරිදි වඩාත් හොඳින් වර්ධනය වීමට මෙන්ම අවට පරිසරය රැුකගැනීම සඳහා සහය වීම යි. හරිත හා දේශගුණික අංශවලින් සුහුරු කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයක් වෙත ගමන් කිරීමේ කර්තව්‍ය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ශ‍්‍රී ලංකා රජය සමඟ එක්ව ක‍්‍රමයෙන් ප‍්‍රවර්ධනය කළ හැකි යැයි අපි අපේක්ෂා කරන්නෙමු.”,

යනුවෙන් ප‍්‍රකාශ කළේ ය.

සාම්ප‍්‍රදායික වගා ක‍්‍රමවල සිට දේශගුණික වශයෙන් සුහුරු, නවීන ගොවිතැන් ක‍්‍රම වෙත සංක‍්‍රමණය වීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ තාක්ෂණික සහය, මෙම වැඩසටහන හරහා ප‍්‍රතිලාභී ගොවීන්ට හිමි වනු ඇත. හෙක්ටයාර 0.5 ක් දක්වා භූමියක වගා කරන සුදුසුකම් ලත් වී ගොවීන් හට පොහොර භාවිතයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා යූරියා පොහොර කිලෝග‍්‍රෑම් 50 ක් සහ අවශ්‍ය මෙවලම් ලැබෙනු ඇත. තෝරාගත් සුළු පරිමාණයේ වී වගා හිමියන් සහ බීජ වී වගාව සිදු කරන ගොවීන් අතර බෙදා හැරීම සඳහා මෙම වැඩසටහන හරහා ප‍්‍රසම්පාදනය කළ යූරියා පොහොර ටොන් 3,820ක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත මේ වන විටත් භාර දී ඇත.

දේශීයව නිෂ්පාදනය කරන ලද උසස් තත්ත්වයේ බීජ වී සහ වගා ක‍්‍රමවල කාර්යක්ෂමතාව සහ ලාභදායි බව ඉහළ නැංවීමට ඉවහල් වන පැරෂුට් තැටි වැනි ද්‍රව්‍යමය ආධාර බීජ වී වගා කරන ගොවීන්ට මෙම වැඩසටහන හරහා ලැබෙනු ඇත. තවද, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ රසායනික පොහොර භාවිතය මත යැපීම අවම කිරීම සඳහා ඉවහල් වන ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණ උපායමාර්ගය වැනි නවීන තාක්ෂණික ක‍්‍රම පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම සඳහා සියලූම ප‍්‍රතිලාභීන් ගොවි ක්ෂේත‍්‍ර පාසල්වලට බඳවා ගනු ලැබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ශ‍්‍රී ලංකාවේ වී වගා ක්ෂේත‍්‍රයේ තිරසාර බව අරමුණු කරගනිමින් මෙවැනි සාකල්‍ය වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ යුරෝපා සංගමය වෙත සිය කෘතඥතාව පළ කළේ ය.

”පසුගිය වසර කිහිපය තුළ අපගේ වී ගොවීන් දැඩි අභියෝග රැුසකට මුහුණ දුන්හ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ යුරෝපා සංගමය හරහා අපට ලැබුණු මෙම සහයෝගය අප ගොවීන් සිදු කල කැප කිරීම් සහ ඔවුන්ගේ උත්සාහය අගය කිරීම උදෙසා ප‍්‍රබල සාක්ෂියකි. එම සහයෝගය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමු. මෙම යෙදවුම් සහ දැනුම හුවමාරුව, සහල් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහ ශ‍්‍රී ලාංකික වී ගොවීන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීම සඳහා වෙසෙසින්ම දායක වනු ඇත.”

සිය අදහස් පළ කළ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා,

”පසුගිය වසර තුළ පැවති හදිසි තත්ත්වයෙන් පසුව යළි සංවර්ධනයේ මාවතට ප‍්‍රවේශ වන පසුබිමක එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පසුගිය මාස කිහිපය මුළුල්ලේ ශ‍්‍රී ලංකාව තුළ සිදු කළ කාර්යයන්හි වැදගත් සන්ධිස්ථානයක් මෙම වැඩසටහන හරහා සනිටුහන් කෙරේ. දේශීය වී වගා ක්ෂේත‍්‍රයේ දීර්ඝ කාලීන ගැටලූවලට විසඳුම් ලබා දී, වඩාත් හොඳ නිෂ්පාදනයක් කරා ළඟා වීම, වඩාත් හොඳ පෝෂණයක් ප‍්‍රවර්ධනය කිරීම, යහපත් පරිසරයක් නිර්මාණය කිරීම සහ සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම යනාදිය අරමුණු කරගත් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා යුරෝපා සංගමය අපට ලබා දුන් සහයෝගය පිළිබඳව අප ස්තුතිවන්ත වෙමු”

යනුවෙන් සඳහන් කළේ ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan